ජන්දය අස්සේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර හිතවතුන් 500කට පරණ දින දමා ගුරු පත්විම් දෙයි

මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයාත්   මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් සහ පලාත් ප්‍රධාන ලේකම් යන තුන්කට්ටුව එකතු වී මැතිවරණ කටේ තිබියදී මධ්‍යම පලාතේ උපාධිධාරින් 500 , කට ගුරුපත්විම් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පලාතේ දේශපාළන සංවිධාන රැසක්  පැෆරල් සංවිධානයේ නිලධාරින්ටත් මහනුවර සහකාර මැතිවරණ කොමසාරිස් වරයාටත්,  දේෂපාළන පක්ෂ නායකයන්ටත් දැනුම් දීමට පියවර ගෙන තිබේ.

තම තමන්ගේ හිතවතුන්ට වැඩි ලකුණු ලබාදී සම්මුඛ පරීක්ෂණද පවත්වා  ඉතා සූක්ෂම ලෙස මෙම ගුරුපත්වීම්  ලබාදීමේ මූලිකයා මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයා සහ ඔහුගේ සෑම  දූෂිත කටයුත්තකටම  එහෙයි කියා අත්සන් කරන මධ්‍යම පලාත්අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්  මේනක හේරත් නැමැත්තා බව  මධ්‍යම පලාතේ  වෘත්තීය සමිති සන්ධාන නියෝජිතයන් පවසති.

පසුගිය දිනයක් යොදා (23)  මෙම ගුරුපත්වීම් ලිපි වලටඅත්සන් යොදා ඇත්තේ ආණ්ඩුකාර වරයාගේ හෙංචයියෙක් වූ පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වන මේනක හේරත් නැමැත්තාය.මොහු ට එරෙහිව මහනුවර මහාධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් යටතේ නඩුවක්ද පවතින  අතර  දැනට ඔහු මහාධිකරණයේ  ශරීර ඇප මත  සිටියි.මොහුට එරෙහිව එම නඩුවද අවිධිමත් රාජකාරී කටයුත්තක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණයේ විභාග වෙමින් පවතියි.

කෙසේ වෙතත්  මැතිවරණයට දින නියමිත කර තිබියදී පසු දිනයක් යොදා මධ්‍යම පලාතේ උපාධිධාරින් 500 කට ගුරු පත්වීම්  ලබාදෙන ලිපියට අත්සන් තැබූ මධ්‍යම පලාත් අධ්‍යාපන ලේකම්  ඇතුලු තුන් කට්ටුව මැතිවරණ නීතීය අමු අමුවේ උල්ලංගනය කර ඇති බව මැතිවරණ නීරීක්ෂණ සංවිධාන සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය චෝදනා කරති. තමන්ට හිතවත් පිරිසක් තෝරාගෙන විභාගයක් පවත්වා ,වැඩි ලකුණු ලබාදී ,පසුව  වැඩි ලකුණු ලබාගත් අය බව පවසා ඔවුන්ව සම්මුඛ පරීක්ෂණ වලට කැඳවා තමන්ට රිසි පරිදි වැඩි ලකුණුදී  ඉතා සූක්ෂම ලෙස මෙම උපාධිධාරි ගුරු පත්වීමි ලබා දුන්  රජතුන් කට්ටුව සිදුකර ඇත්තේ බරපතළ මැතිවරණ දූෂණ ක්‍රියාවක් බව මැතිවරණ නීරීක්ෂණ සංවිධාන පවසති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *