යුනිස්කෝ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය  මහනුවර ගැන කිසිවක් නොදන්නා ආණ්ඩුකාර සමග සාකච්ඡා කරලා

මෙරටට පැමිණි යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල් වරිය මහනුවර දිස්ත්‍රික්කය පිළිබඳව හෝ මහනුවර ඓතිහාසික රාජකීයත්වය හෝ,උඩරට රාජ සම්ප්‍රදාය හෝ නොදන්නා, බැසිල් රාජපක්ෂගේ පැරෂූට් දේශපාලන කුක්කෙක් වූ මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයා හමුවී මහනුවර ඓතිහාසික උරුමය, මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර පිළබඳව සාකචිඡා කිරීම මහා විහිළුවක්  බව   සතර මහා දේවාලයන් හී බස්නායක නිළමේවරු  පවසති.

අතීත රජ දවසේ රාජ නියමයෙන්  පෙරහැර පවත්වන ලෙස අණ ලැබුණු  බවත්,,කොහෙන්දෝ මහනුවරට කඩා පාත් වූණු කයිවාරු ආණ්ඩුකාරවරයා සමග යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය  කල සාකච්ඡා පැවැත්විය යුත්තේ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමෙි ඇතුළු සිවු මහා දේවාලවල බස්නායක නිළමේවරුන් සමග බව   මහනුවර බස්නායක නිළමෙලා  පවසති.

පලාත් ආණ්ඩුකාර වරයා සිවු මහා දේවා වලට හෝ දළදා මාළාගාවේ පෙරහැර වෙනුවෙන් කලේ මොනවාදැයි මහනුවර බස්නායක නිළමෙලා ප්‍රශ්ණ කරති.

මහනුවර  ලෝක උරුම වැඩ සටහනට හෝ මහනුවර ඓතිහාසික උරුමය රැකීමට හෝ මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා කළ කිසිම කෙංගෙඩියක් නැතැයි එම නිළමේවරු  පවසති.මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයා සිය ධූරයේ සිටියදී  මහනුවර  සංවර්ධනයට  කලේ කුමක්දැයි  පලාතේ ජනතාවද ප්‍රශ්ණ  කරති.

මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයා විසින් සිදුකර ඇති එකම කාර්ය ඔහු යටතේ ඇති පාසැල් වලට ළමුන් ඇතුලත් කිරීම සහ  තමන්ට පක්කලිකම්ද  මහනුවර බස්නායක කල සුදුසුකම් අඩු  වැඩක් නොකරන කම්මැලි නිලධාරින් හා නිධාරිනියන් කීප දෙනෙකුට මධ්‍යම පලාත් සභා රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු ලබාදීම පමණක් බව මධ්‍යම පලාතේ ජනතාව  පවසති.

මහනුවර    ඇසළ පෙරහැර  පිළිබඳව අංශු මාත්‍රයක්   ඉතිහාසය නොදන්නා ආණ්ඩුකාරයා  නොව හමුවිය යුත්තේ  උඩරට  නිළමෙලා බව යුනෙස්කෝ අධ්‍යක්ෂක ජෙනරාල් වරියට  ,මහනුවර  බස්නායක නිළමෙලා මතක් කර දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *