ඊශ්‍රායලයේ යුද්ධයට හසුවන ශ්‍රීලාංකිකයන් ගෙන්වා ගන්න මනුෂ  බය වෙලා

ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කරන බවට ඉරාණය ප්‍රකාශ කිරීමෙන් පසු ඊශ්‍රායලයේ සිටින විදේශිකයන් නැවත ශ්‍රීලංකාවට ගෙන්වා ගැනීමට ලොව බොහෝ රටවල් කටයුතු කලද ශ්‍රීලංකාවේ කම්කරු හා  විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර එවැනි පියවරක් ගැනීම විදේශ රැකියා කාර්යාංශය හරහා වලක්වා තිබේ.

ඊට හේතුවී ඇත්තේ මෑතකදී ඊශ්‍රායලයේ රැකියා සඳහා යැවූ  ශ්‍රීලාංකිකයන් සියලු දෙනාම මනුෂ නානායක්කාර ඇමතිවරයාට හෝ ඔහුගේ සහචරයනට රුපියල් ලක්ෂ 30 ත් 35 ත් අතර මුදලක් පගාව ලෙස ගෙවා රැකියා සඳහා ගිය අය වීමය. යම් ලෙසකින් මේ අය නැවත ගෙන ආවොත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලදී තම දුෂිත ක්‍රියා සියල්ල එලියට ඒමත් ඒ හරහා රජයට බරපතල ගැටළු ඇතිවීමත් මීට හේතුවී තිබේ.

එම නිසා ඊශ්‍රායලයේ ශ්‍රමිකයන් යලි ගෙන්වා ගැනීම කල් දැමීමට මනුෂ නානායක්කාර කටයුතු කරමින් සිටී.

විදේශ රැකියා කාර්යාංශයේ බරපතල දුෂණ රැසක් සම්බන්ධයෙන් මනුෂට චෝදනා එල්ලවී ඇති අතර පුහුණුවකින් තොරව ව්‍යාජ සහතික මත දින කීපයක් තුල විදේශගත කිරීමද ඒ අතර ප්‍රධානය. ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා විදේශ රැකියා කාර්යාංශයේ අරමුදල් භාවිත කරමින් විශාල කොමිස් ගනුදෙනු රැසක් සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා රැසකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *