තෙල් නීතිගත සංස්ථාවේ සහ ගබඩා පර්යන්ත සමාගමේ මැතිවරණය ඉලක්ක කර ගනිමින් වැටුප් වැඩි කිරිමකට යෑමේ සුදානමක්

වරලත් කළමනාකරන ආයතනය (C.I.P.M)උපදේශනයකට අනුව කේ.පී. අයි. ක්‍රමයකට වැටුප් විෂමතාවයක් ඇතිවන අයුරින් විධායක A ශ්‍රේණිය 35%, B ශ්‍රේණිය 25% ,C ශ්‍රේණිය සඳහා 20% අඩු ප්‍රතිශතයකින් වැටුප් පරතරය විෂමතාවයක් ඉදිරියට ගෙන යමින් වාර්ෂික වැටුප් ලකුණු ක්‍රමය පදනම්ව වැටුප් වැඩිවීමක් හඳුන්වාදීමට යැයි පෙන්වා දෙමින් මැතිවරණ සමයේ සේවක වැටුප් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බව ලංකා ඛණිජ තෙල් නීති ගස් සංස්ථාව ආරංචි මාර්ග වාර්තා වෙි.
සංස්ථාව බිලියන 120 ක පමණ ලාභයක් පසුගිය වසරේ ලාභ ලැබූවද සේවකයන්ට බලශක්ති අමාත්‍යවරයා වාර්ෂික ප්‍රසාද දීමනාව හෝ ලබා දීමක් සිදු නොකෙරිණි.දැනට වැටුප් වැඩිවීම වැඩිවීමට සාපේක්ෂව රුපියල් දහසක දීමනාවක් ආයතන දෙකෙහිම සේවකයන්ට පසුගිය අප්‍රේල් මාසයේ සිට ලබා දී ඇත.
කෙසේ වෙතත් සේවකයන්ගේ වාර්ෂික වැටුප් සඳහා වැඩ පැමිණීම හැසිරීම පදනම්ව උපරිම ලකුණු තිහක සීමාවට යටත්ව කළමනාකාරීත්වය විසින් ලකුණු ලබාදෙන අතර ,එම ලකුණු ක්‍රමවේදය තුළ නව වැටුප් හා වාර්ෂික වේදනාදික ලබා දෙන ලකුණු පදනම්ව වැටුප වැඩිවීමටත් වැටුප් ලබාදීමටත් ප්‍රසාද දීමනා ගණනය කිරීමත් සිදුකිරීමට එළඹෙන කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් මගින් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට බලශක්ති අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බවද එම ආරංචි මාර්ග වාර්තා කර සිටියා.
මැතිවරණයක් ප්‍රකාශ කිරීමෙන් පසු වර්තමාන රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වැඩි වැටුප් ලබා ගැනීමේ අරමුණින් තෙල් සංස්ථාවේ සහ ගබඩා පරියන්ත සමාගමේ කළමනාකාරවරුන් කටයුතු කරමින් සිටින බව වෘත්තීය සමිති නියෝජිතයකු අපට පවසා සිටියේය. වර්තමාන ජනාධිපතිවරයාගේ සහ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉකුත් සඳුදා දින පැමිණිල්ලක් යොමු කර ඇති බවද ඔවුන් පවසා සිටියා.
CIPM ආයතනය කළමනාකාරවරුන්ට මේ පිළිබඳව වැඩ මුළුවක්ද පවත්වා නව යෝජනා ක්‍රියාත්මක කිරීමට කළමනාකරුවන්ට උපදේශන ලබාදීමටද අද දින එම වැඩ මුළුවට කැඳවා ඇති ලේඛනයේ සඳහන් වී ඇත.
මීට අදාළව පසුගිය දිනවල මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් කර ඇති අතර කොමසාරිස් ජෙනරාල් වරයා විසින් වාර්තාවක් ද වාර්තාවක්ද කැඳවා ඇති පසුබිමක නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වරුන්ට සහ කළමනාකාරවරුන්ට වැඩි වැටුප් ලබා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නංවමින් CIPM ආයතනයේ කේ පී අයි ක්‍රමවේදයකට වැටුප් වැඩිවීම වාර්ෂික වැටුප් ක්‍රම භාවිතයෙන් සිදුකර ගැනීමට කටයුතු කරමින් සිටින බවද එම ආරංචි මාර්ග සදහන් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *