පළාත් රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවිමට මුවාවී වයඹ ආන්ඩුකාර හිතවතුන්ට පත්විම් දෙන්න හදයි

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා සිය හිතවතුන් පිරිසක් පළාත් සභා ආයතනවලට බදවා ගැනිමේ උත්සහයක් පිළිබදව තොරතුරු වාර්ථාවෙි.

පළාත් රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවිම සදහා කැබිනට් මණ්ඩලයට සන්දේශයක් ඉදිරි පත්වි ඇති අතර ඊට මුවා වෙමින් මෙම පිරිස බදවා ගැනිමට සැලසුම් කර ඇත.

සංවර්ධන නිළධාරින් ලෙස සිටි පිරිසක් ගුරු සේවයට අන්තර්ග්‍රහනය විමත් සමග පළාත් සභා පුරප්පාඩු  පවතින බව සදහන් කරමින් මෙම පිරිස බදවා ගැනිමට නියමිතය. රක්ෂා නොමැතිව උපාධීධාරින්  රැකියා ලබා දෙන ලෙසට උද්ඝෝෂණ උපවාස  පවත්වන පසු බිමක කිසිදු තරගවිභාගයක්වත් නොපවත්වා සිය හිතවතුන්ට රක්සා ලබා දිමට සැරසෙන බව සදහන්වෙි.

 කෙසේ වෙතත් එසේ පළාත් සභා ආයතනවල සිට ගුරු සේවයට අන්තර්ග්‍රහනය වු පිරිස කොපමණද යන්න සමිබන්ධයෙන්වත් නිෂ්චිත ගණනයක් නොමැතිව සිය හිතවතුන් බදවා ගැනිමේ උත්සහයක් පවතින බව වාර්ථාවෙි.

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *