මැණික්හින්නේ කූරගන්දෙණියේ   නිශාන්ත  හොර සාමිට අහුවෙන්නේ බලාගෙන

මැණික්හින්නේ කූරගන්දෙණිය  ගම්මානයේ වෙසෙන නිශාන්ත සාමි නමින් පෙනී සිටින ව්‍යාජ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කර මහජනතාව රවටා රුපියල් ලක්ෂ ගනනින් ගරණ කපටි වංචනිකයාට  හසූවූ මෙරට සහ විදෙස්  රටවල  වෙසෙන විශාල පිරිසක්  ඉතා අසරණ  තත්ත්වයට පත්ව සිටිති.

මෙම හොර සාමිවරයා  සුවිසල් මන්දීරයක් තනා විශාල උස් තාප්ප වලින්  වටකර, හතරවට  ස්වයංක්‍රීය  වීඩීයෝ කැමරාද සවි කරගෙන මහජනතාව මුලාකර  රුපියල් ලක්ෂ ගණනින් මුදල්ද ලබා ගන්නා නමුත් මොහු බාර ගත් කිසිදු ගුරුකමක් සාර්ථක නොවූ බව ඔහුට ලක්ෂ ගණනින් මුදල් දුන් පිරිස් පවසති.

අන්තර් ජාලයෙන් සහ යූටියුබ් මාර්ග ඔස්සේ මහජනතාව රවටන මොහුගේ වංචාවට වැඩිපුරම  හසුවන්නේ මැද පෙරදිග සහ යුරෝපා රටවල සිටින ශ්‍රී  ලාංකීකයන් බව  ඔහුට රැවටුණු  දෙස් විදෙස් ජනතාව  පවසති.වශී ගුරුකම් කරමින්  වෙන්ව සිටින අය  එක් කරන බව පවසමින්  අවිවාහක තරුණ තරුණියන්ට නව විවාහ සම්බන්ධතා කර දෙන බව පවසමින් ලක්ෂ ගනන් මුදල් ලබා ගන්නා මෙම හොර සාමිට රැවටුණු විශාල පිරිසක්  අසරණ වී සිටිති.

අති සුපිරි වාහන පාවිච්චි කරමින් ,තමන්ගේ අතේ පොලීසිය තිබෙන බව පවසමින් තමන්ට කරන්නට බැරි දෙයක් නැතැයි පවසමින් අන්තර් ජාලය ඔස්සේ මහජනතාව රවටා ඔවුන්ගෙන් මුදල් ලබ ගෙන කිසිවක් නොකරන මෙම  හොර සාශ්ත්‍ර කරු  කටයුතු කරන බව ඔවුහු පැවසූහ.

මෙම කපටි පුද්ගලයා  විවිධශාන්ති කර්ම හදි හූනියම් සහ වශී ශාන්තී කර්ම කර දෙන බව පවසා රුපියල් ලක්ෂ  5. 6  වැනි මුදල්  ලබාගෙන තිබේ.

මැණික්හින්න නගරය ආසන්නයේ කූරගන්දෙණිය ගමේ සිටුවරයෙකු මෙන් ජීවත් වන මෙම කපටි  යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන බවට ලොව පුරා අන්තර් ජාලය ඔස්සේ පෙනී සිටින   නිශාන්ත සාමි නැමැත්තා  පොලියට සල්ලි දෙන ලෝක කපටියෙකු බව මොහුගේ කපටිකම් වලට රැවටී ලක්ංෂ ගනනින් මුදල් දුන් පිරිස් පවසති.

මෙරට කිසිදු  මාධ්‍යයක පෙනී නොසිටින මෙම කපටි පුද්ගලයා ඔහු ගුප්ත විද්‍යාඥයෙකු බව පවසමින් රැවුල වවාගත් ඔහුගේ  චායාරූපයක් අන්තර්ජාලයෙන් පලකර ව්‍යාජ තොරතුරු රැසක් එයට ඇතුලත් කර තිබේ.මොහුගේ වංචාවන්ට හසු නොවන ලෙස  මොහුට රැවටුණු  බොහෝ  දෙනෙක් පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *