පොහොට්ටුවේ  ජනාධිපති අපේක්ෂකයා නම් කිරිම තවත් කල් යයි

ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරිම අද දිනයේ සිදු  කරන බවට පැවසුවද එය තවත් දින කිහිපයකට කල් යන බවට එම පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

ඊට හේතුවී ඇත්තේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු  ඉදිරිපත් කරන බවට පැවසිමත් සමග එම යෝජනාවට පිටුපා රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරිම සදහා යන මන්ත්‍රිවරුන් හදුනා ගෙන එම අය මේවන තෙක් දෑරු ආසන සංවිධායක තනතුරු   පක්ෂයේ දෙවන පෙළ පළාත් සභා හා පාලාත්පාලන ආයතවනල අයව  පත් කිරිම  සැලසුම් කිරිමයි.

එම තත්වයත් සමග දිගමට පක්ෂය සමග සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුට දිස්ත්‍රික් නායක ධුරයන් ද ලබා දිමට නියමිත බව සදහන් වෙි.

කෙසේ වෙතත් පොදු ජන පෙරමුනේන් ඉදිරිපත් කිරිමට සැලසුම් කර ඇති ව්‍යාපාරික  පාර්ලිමේන්තු මන්ත්‍රි ධමිමික පෙරෙරා ඊයේ දිනයේදී  හිටපු ජනාධිපති මහින්ද රරාජපක්ෂ මහතා හා පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හමුවී සකච්ජා කර අවසන් එකගතාවයකට පැමිණ ඇති බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *