විදෙස්ගත ශ්‍රීලාංකික පාස්පෝර්ට් හොරට ගසා ලක්ෂ 25ක් හොර ඡන්ද දමන්න සුදානමක්

විදෙස් ගත ශ්‍රීලාංකිකයන්ගේ ඡන්ද හොරට දැමීම සඳහා මේ වන විට මහාපරිමාණ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

මේ සඳහා දැනට විදෙස්ගතවී සිටින ශ්‍රීලාංකිකයන් ලක්ෂ 25 ක ගේ පමණ පාස්පෝර්ට් හොරෙන් මුද්‍රණය කෙරෙමින් පවතින බව වාර්තාවෙි.

මැතිවරණ කොමිසම හදිසියේම රටේ ඕනෑම තැනකින් ඡන්දය භාවිත කල හැකි බවට මෙතක් නොපැවති  නීතියක් හදිසියේම ගෙනවිත් ඇති බව පැවසෙන්නේද   මේ නිසාය.

මේ සඳහා පාස්පෝර්ට් පොත් හා යන්ත්‍ර යොදාගැනීම සඳහා හදිසියේම පාස්පෝර්ට් ගැනීමට  ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි විය යුතු බවට නීතියක් ගෙන එන ලද අතර එම නිසා මේ වන විට දිනකට නිකුත් කරන පාස්පෝර්ට් සංඛ්‍යාව සීමිත කර ඇත. ඒ මීට අවශ්‍ය පාස්පෝර්ට් පොත් සහ මුද්‍රණ යන්ත්‍ර මේ සඳහා ලබා ගැනීම සඳහාය.

වෙනත් ප්‍රදේශයක ඡන්දය භාවිත කරන විට එය භාවිත කරන පුද්ගලයා  හඳුනාගැනීමට පක්ෂවල පෝලිම් නියෝජිතයන්ට නොහැකිවන අතර ගුවන් බලපත්‍රය පරික්ෂා කර බලා එය පිළිගන්නට ඔවුන්ට සිදුවේ.

දුෂිත VFS ගනුදෙනුව අනාවරණය වීම නිසා නීතිමය වශයෙන්  දැඩි අවදානමකට ලක්ව සිටින ටිරාන් අලස් ඇමතිවරයා මෙන්ම අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ලේකම්  වියානි ගුණතිලක හා ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මේ සඳහා මුලිකත්වය ගෙන ඇත්තේ යම් ලෙසකින් ආණ්ඩු පෙරලියක් සිදුවුව හොත් අදාළ  දුෂණ චෝදනාවලට වරදකරුවන්වීම අනිවාර්යවන බැවිනි.

මේ සඳහා මැතිවරණ කොමිසමේ සහයද ලැබෙන බව පැවසෙන අතර සියලු සංවිධාන කටයුතු වජිර අබේවර්ධන හරහා සිදු කෙරෙන බව පැවසේ. ඔහු හිටපු  රාජ්‍ය පරිපාලන මෙන්ම අභ්‍යන්තර කටයුතු ඇමතිවරයකු වන අතර වියානි ගුණතිලක එම දිනවල වජිර හා එක්ව මහාපරිමාණ දුෂණ රැසක් සිදු කල බව පැවසේ.

මේ හේතුවෙන් අද  වන  විට එක්දින පාස්පෝර්ට් සේවා නැවතී ඇති අතර ඔන්ලයින් ලියාපදිංචියට දිනගනනාවක් ගතවේ. මේ නිසා රැකියා සඳහා විදෙස්ගතවන්නන්ට  විදේශ ගතවීමට නොහැකිවී තිබේ. දිනපතා දහස් ගණන් පිරිස් දැඩි අපහසුතාවට පත්ව සිටින අතර පසුගියදා ජනතාව ආගමන විගමන පාලක ජනරාල්ගේ කාර්යාලයටද කඩාවැදී තිබිණි.

ජනතාවට සිදුවන මේ අපහසුතාවන් ගැන  විපක්ෂයේ දේශපාලන පක්ෂ පවා අවධානය යොමුකර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *