රනිල්ගේ සහයට ආ පොහොට්ටු මන්ත්‍රිවරුන් මෙන්න

ශ්‍රිලංකා පොදු ජනපෙරමුණ විසින් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපති කරන බව පැවසීමත් සමග එම තිරයට විරුද්දව ස්වාධීනව ඇප තැන්පත් කර සිටින එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතාට සහය පළ සදහා පොහොට්ටුවේ මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ සවස ජනාධිපති ලේකම් කාරයාලයේදී විශේෂ සාකච්ජාවක් පැවැති ඇතර ඊට අනු දෙදෙනෙකු සහභාගිවු බව පැවසුවද ඊට සහභාගිවී ඇත්තේ හත්තෑවකට අඩු පිරිසක් බව වාර්ථාවෙි.
එසේ පැමනි පිරිසෙන් කොටසක් පොදුජන පෙරමුනේ නායකයින් දැනුවත්ව පැමිණි අය විමද විශේෂත්වයකි.ඊට අමතරව පැමිණ සිටි පිරිසෙන් වැඩි කොටසක් මිට කළකට පෙර පොදු ජන පෙරමුනෙන් ඉවත්ව රනිල් වික්‍රමසිජහ මහතාට සහය පළ කළ නිමල් ලංසා කණ්ඩායම, නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශවය, ලංකා කම්කරු කොංග්‍රසයේ ජිවන් තොන්ඩමාන් කණ්ඩායම ආදි පිරිස දඑහි සිටිම විශේෂත්වයකි.
මෙතෙක් කළක් ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ සමග කටයුතු කල එස් බී , එස් එම් ,රෝහන දිසානායක,ඩී වී හේරත් ,ශාන්ත බංඩාර , පියල් නිසානිත,චින්තක මායදුන්නේ, දිනේෂ් ගුණවර්ධන,ජගත් සමරවික්‍රම,සමිපත් අතුකෝරළ, කපිල අතුකෝරළ,විදුර වික්‍රමනායක,ජනක වක්කුඹුර,චින්තක මායාදුන්නේ ඇතුලු තවත් මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු එක්වී සිටියහ.
මිට අමතරව කාලයක සිට රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා ලෙස කටයුතු කළයුතු බවට යෝජනා කළ ප්‍රමිත බංඩාර, ජනක බංඩාර,ඩග්ලස් දේවානන්ද,කනක හේරත්,තාරක බාලසුරිය,අලි සබිරි,මෝහාන් ප්‍රියදර්ශන,මහින්දානන්ද අලුත්ගමගේ,ශිතා අරබෙිපොල , කාංචන විජේසේකර, ටිරාන් අලස්, අජිත් රාජපක්ෂ, ෂෙශාන් සේමසිංහ,රමේෂ් පතිරණ, දොළවත්ත, කෝකිලා ගුණවර්ධන, ලොහාන් රත්වත්ත,ජෝන් සෙනවිරත්න, විලෙන්ද්‍රන් ,සිවනේශ තුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, රංජිත් සියබලාපිටිය, ඇතුලු පිරිසක් එහි පැමිණ සිටියහ.ඊට අමතරව විදේශ ගතව සිටින ප්‍රසන්න රනතුංග , බන්දුල ගුණවර්ධන ඇතුලු හය දෙනෙකුද සහය ලබා දෙන බව පවසා ඇත.
ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශවයේ අමරවිර ,ජගත් පුස්ප කුමාර, රාගවන්, දුමින්ද දිසානායක,රංජිත් සියබලාපිටිය, මෙන්ම ලන්සා පාරශවයේ නලින් ප්‍රනාන්දු , අනුර ප්‍රියදහ්ශන යාපා ආදිහු එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *