තෙල් සංස්ථාව මැතිවරණ උල්ලංඝනය නිතී කරමින් වැඩ පටන් ගනීයි

බලශක්ති අමාත්‍යාංශය මගින් පාලනය වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා බනිජ තෙල් තොග වඩා පර්යන්ත සමාගම යන ආයතන වලට අදාලව මැතිවරණ ⁣කොමසාරිස් ජනරාල්වරයා වෙත ඊයේ පැමිණිළි දෙකක් සිදුකර ඇත.

ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග ගබඩා පර්යන්ත සමාගම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු රජයට සම්බන්ධ පක්ෂ අපේක්ෂකයන්ගේ ප්‍රවර්ධනය සඳහා ඉහළ කළමනාකාරීත්වය වර්තමාන ජනාධිපතිවරයාගේ සහ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ මේ වනතුරුත් ක්‍රියාත්මක කරන බව පෙන්වා දෙමින් මෙම පැමිණිලි දෙක මැතිවරණ කොමිෂන් වෙත ඉදිරිපත් කළ බව සදහන් වේ.

ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් 2023 වසරේ පුවත්පත් දැනීමක් පළකර නව ඉන්ධනහල් බලපත්‍ර ලබාදීමට අයදුම්පත් කැඳවා ඇති අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු මෙම ක්‍රියාවලිය සිදුකිරීම මගින් රජයේ මැති ඇමතිවරුන්ට හිතවතුන්ට ධනපතියන්ට මෙම බලපත්‍ර ලබා දී රජයෙ පක්ෂ මගින් ඉදිරිපත් වන ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ප්‍රවර්ධන කටයුතු සඳහා මෙම ක්‍රියාවලිය මගින් විශාල දායකත්වයක් ලැබෙන බවත් විපක්ෂයෙන් ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන්ට මෙමගින් විශාල පාඩුවක් සිදුවන බවත් පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.

එසේම ලංකා බනිජ තෙල් නීති ගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්ත සමාගම වෙත ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු රජයේ ප්‍රතිපත්තියයි ප්‍රකාශයට පත් කරමින් සේවකයින් අඩුකිරීමේ පිරිස් බල සැකැස්මක් සකස් කිරීම තුළින් වර්තමාන රජයට සම්බන්ධ වෘත්තිය සමීතිවල සේවකයින් පමණක් එම පිරිස් බළ සැකැස්මට ඇතුළත් කර තිබෙි. එය අනුමත කර ගැනීම තුළින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්තිය මෙම නොවිය හැකි බැවිනු රජයට හිතෛෂී වෘත්තීය සමීතිවල සහ කළමනාකාරීත්වයේ හිතෛෂී සේවක පිරිසක් මෙම අනුමත පිරිස් වල සැකැස්ම සඳහා ඇතුලත් කර ගැනීම තුළින් විපක්ෂයේ මතධරන විශාල සේවක පිරිසකට බලපෑමක් ඇතිවන බැවින් ජනාධිපතිවරණය අවසන් වනතුරු අනුමත පිරිස් බල සැකැස්ම අනුමත කිරීම නවත්වා ලන ලෙසත් තවත් කරුණු කිහිපයක් ඇතුළත් කරමින් මෙම පැමිණිලි මෙම පැමිණිල්ල මැතිවරන කොමිසම වෙත යොමු කළ බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *