පාස්පොර්ට් පොත් අවසන් නිසා හදිසි මිලදී ගැනිමකට සැරසේ

කිසිදු සැලසුමක් නොමැතිව ඊ ගුවන් ගමන් බලපත්‍ර ක්‍රමයට යෑමට සැලසුම් කළ ආගමන විගමන දෙපාර්තමෙින්තුවට එය කර ගැනිමට නොහැකිවු තැන යළිත් සුපුරුදු පරිදි  ගුවන් ගමන් බළපත්‍ර ක්‍රමය අනු ගමනය කිරිමට සැලසුම් කර ඇතත් ඒ සදහා ප්‍රමානවත්  තරම් පොත් නොමැති නිසා දැඩි ගැටලුවකට මුහුණ පා ඇති බව වාර්ථාවෙි.

ගමන් බල පත්‍ර තොග අවසන් බව දැන දැනත් එවා ඇණවුම් කිරිමට කටයුතු කර නොමැති අතර ඊ බලපත්‍ර ක්‍රමයට යනබව පවසා කටයතු කර ඇත. එසදහා ලක්ෂ ගණනක වැටුපක් ලබාදී මහජන ආරක්ෂක අමාත්‍යංශයට  උපදේශක වරයෙක් බදවා ගෙන ඇති අතර ඔහු කිසිදු නිළධාරියෙකුට උපදෙස් ලබා නොදි ඇමතිවරයාට පමණක් වගකියන බව වාර්ථාවෙි.

පසුගිය මැයි මාසයේ සිට නව ක්‍රමයට යන බව පැවසුවත් මේ වනතෙක් එය ක්‍රියාත්මක කර ගැනිමට නොහැකිවී ඇත. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන සමාගම පවසා ඇත්තේ ඊට සති කිහිපයක් අවශ්‍ය බවයි.

මෙම තත්වය නිසා මෙතෙක් දිනකට ගුවන් ගමන් බලපත්‍ර එක්දහස් පණ්සියක්  පමණ නිකුත් කළ අතර එය මේ වනවිට තුන්සිය දක්වා අඩු කර ඇත.

එම ගුවන් ගමන් බලපත්‍ර ලබා දෙන්නේ අන්තර් ජාලය ඔස්සේ අංකයක් වෙන් කර ගත් අයට වන අතර ඒ සදහා එම අන්තර් ජාලයට පිවිසිම සීමා කර දිනකට පැයක පමණ කාලයක් විවෘත්ත කර තබන පව එහි ආරංච් මාර්ග සදහන් කරයි.මෙම තත්වය මත් තව ගුවන් ගමන් බලපත්‍ර පොත් පන්දහසකට අඩු ප්‍රමාණයක් පමණක් පවතින බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *