වැඩබලන පොලිස්පති පත් කිරිමට මග ඇහුරු පොලිස් කොමිෂමට වගකිමෙන් නිදහස් විය නොහැකි ද

පස්කු ප්‍රහාරය සමිබන්ධයෙන් සිදු කරනු ලබන නඩු විභාගයකදී එවකට රාජ්‍ය බුද්ධි සේවයේ සිට පසුව පොලිසියේ පරිපාලන අංශය භාර හෙවත් පොලිසියේ දෙවැනියා ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහතාට චෝදනා එල්ලවිම නිසා අනිවාර්ය්‍ය නිවාඩු යැවිමට කටයුතු කළේය.
අධිකරණය දුන් නියෝගයට අනුව පොලිස් කොමිෂය ඔහුට එරෙහිව විමර්ෂණයක් ආරම්භ කර එය අවසන් වන තෙක් නිවාඩු මත සේවයෙන් ඉවත් කළේය.
එසේ අනිවාර්ය්‍ය නිවාඩු යවන විට එම පුරප්පාඩුව පිරවිමට පොලිස් කොමිෂම වග බලා ගතයුතුය. එවනවිට සිටින ජේෂ්ඨතම නිළධාරියා එම තනතුරට පත් කිරිම කොමිෂමේ වගකිමය.
කෙසේ වෙතත් එය සිදු නොකර සිය වගකිම් මගහැර සිටින පොලිස් කොම්ෂමට ඒ සම්බන්ධවයන් වගේ වගක් නැති ගානට සිටියි.
එසේ පරිපාලන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත්කර සිටියේ නම් පොලිස්පතිවරයාගේ සේවයද අත්හිටුවනවිට පරිපාලන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එය ආවරණය කර ගැනිමට තිබුනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *