ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලීසිය මංඤ්ඤං වී ඇත

ඉතිහාසයේ පළමුවතාවට පළමු හා දෙවන තනතුරු දරන්නන් නොමැතිව ශ්‍රි ලංකා පොලිසිය ගෙවුණු දවස ලෙස ඉතිහාසයට එක් විය.
ඒ හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න විශ්‍රාම ගිය පසු පොලිස්පති වරයෙකු පත් කිරීමට ජනාධිපති වරයා ප්‍රමුඛ ආන්ඩුවට දැක්මක් හෝ කොන්දක් නොතිබීම නිසාය. ඒ වන විට පොලිස්පති වරයා ලෙස පත්විය හැකි බවට ජේෂ්ඨතා ලේඛනයේ සිටි හතර දෙනාටම චෝදනා එල්ල වීමයි. එම නිළධාරීන් තිදෙනෙකුටම පොදු චෝදනාවක් එල්ලවී තිබුණි. එනම් පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීමයි.
ජෙනිපොප නිලන්ත ජයවර්ධන එවකට ජාතික බුද්ධි ඒකකයේ ප්‍රධානියාය ලෙසත් ජෙනිපොප දේශබන්දු තෙන්නකෝන් එවකට බස්නාහිර පලාත් උතුර ( ගම්පහ දිස්ත්‍රික්කය) භාර නිපොපය ලෙසත්, ජෙනිපොප ලලිත් පතිනායක එවකට බස්නාහිර පලාත මධ්‍යම ( කොළඹ) භාර නිපොප ලෙස කටයුතු කළේය.
හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න වයස අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම යායුතුව තිබුණේ 2023/03/26 දිනය නිකැලල් පොලිස්පති වරයෙකු පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට කොන්දක් නොමැති නිසා මාස 3 බැගින් දෙවතාවක් සහ සති තුන බැගින් දෙවතාවක් චන්දන වික්‍රමරත්නට සේවා දිගු ලබාදී රීලෝඩ් පොලිස්පති වරයෙකු ලෙස තබා ගත්තාය.
දෙසැම්බර් මස දී පොලිස් ඇමති ටිරං අලස්ගේ සහ යූඑන්පී පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේගුණවර්ධන ගේ ඉල්ලීම මත වැඩ බලන පොලිස්පති ලෙසට දේශබන්දු තෙන්නකෝන් ව නම්කරන ලදි. ඊටපසු ඔහුව පොලිස්පති ලෙසට උසස් කළේය. ඒ පත් කිරිම ගැන මේ වනවිට ලෝකයම දන්නා සිදුවිමක් වී හමාරය. දැන් දේශබන්දු ගෙදරය. එසේම ඊළග සුදුස්සා නිලන්ත ජයවර්ධනද ගෙදරය. ඊළග වාසනාවන්තයා පතිනායක ය. ඔහුත් පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අයෙකි. ඊළගට සිටින්නේ ප්‍රියන්ත වීරසූරිය ය. රනිල් වික්‍රමසිංහ ඔහුව මීළග පොලිස්පති ලෙස නම් නොකර සිටියොත් එසේ කරන්නේ හිතාමතාම පොලීසිය ආරාජික කර ඒ හරහා රටම ආරාජික කර බොර දියේ මාලු බෑමටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *