ජන්දයක් පෙනි පෙනී නිදහස් සේවක සංගමයේ ප්‍රධානියා ආරක්ෂක උපදේශක තනතුරකට

කටුනායක ගුවන් තොටුපළේ ගුවන්තොටුපල ආරක්ෂක ප්‍රධානී ,ක්‍රමයෝපාගික ආරක්ෂක උපදේශක විශ්‍රාමික මේජර් ජෙනරාල් වරයාගේ උපදේශක ලෙස ආරක්ෂක අංශයේ පහලම තනතුරක් දරන සේවක සංගම් ලොක්කෙක් පත්කරගෙන ඇති බව ගුවන් තොටුපල ආරක්ෂක අංශය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ නමගිය දේශපාලන ලොක්කෙකුගේ බලපෑම් මත ආරක්ෂක ප්‍රධානි තනතුරට පත්වූ ජෙනරාල්වරයාගේ දුර්වල පාලනය හේතුකොට ගෙන ආරක්ෂක අංශයේ පරිපාලනය එන්න එන්නම පසුගිය වසර දෙක තුන තුල පහලට වැටි කල්ලිවාදය හොර මැරකම් රාජකාරි පැහැර හැරීම් ගුවන්තොටුපල තුල වැඩි වී තිබෙි.
ඉතාම සුලුපිරිසක් අවස්ථාවාදීව හොරකම් කරද්දී හරියාකාරව රාජකාරි කරන ආරක්ෂක නිළදාරීන් හට මේ දුර්වල පාලනය ගැන කලකිරීමක් හට ගෙන ඇත.
නමුත් සේවක සංගම් මාෆියාව විසින් හසුරවන ලබන මහ පුටුවට බියෙන් අහිංසක කණිෂ්ඨ සේවකයන් සහ ජේෂ්ඨ නිලධාරීන් පවා කට වසා ගන්නා තිබෙි. සිය හමුදා තනතුර අවභාවිතා කොට සේවක සංගම් මාෆියාව රජකිරීමට වක්‍රාකාරව දායක වූ වටපිටාව තිබියදී දිනෙන් දින විනාශ වන ආරක්ෂක අංශයට නියෝජ්‍ය ප්‍රධානියෙක් පත්කරගැනීමට පුවත් පත් දැන්වීමක් මානව සම්පත් අංශය විසින් පලකිරීමද පුදුමය දන්වන කටයුත්තක් බව ජේෂ්ඨ මාෂල් වරුන් පවසයි.
වසර විස්සකට විසිපහකට අධික කාලයක් එම අංශයේම සේවය කල සියලුම අංශ පිලිබදව විශේෂයෙන් ම පුහුනු පරිපාලන මෙහෙයුම් තත්ව පාලන විගණන පිලිබදව හසල දැනුමක් ඇති කිහිප දෙනෙකුම සිටියදී පිටතින් බදවා ගැනීමට උත්සාහ කිරීම පිලිබදවද පිටුපසින් සේවක සංගම් ලොක්කන් කිහිපයක්ම සිටින බවටද තොරතුරු ලැබී ඇත.
කෙලින් වැඩකරන පලපුරුදු මාෂල් වරයෙක් එම තනතුරට පත්වූහොත් තමන්ට හිතුමතේ නුදුරු ජන්ද සමයේ ජන්ද වැඩ ,මැර වැඩ වලට ආරක්ශක අංශයේ අයවලුන් හිතූ හිතූ පරිදි ජන්ද ප්‍රචාරක වැඩ වලට හොරෙන් රැගෙන යාමට නොහැකිවෙන බව දැන්ගත් මොවුන් පිටතින් දේශපාලන හෙන්චයියෙක් නියෝජ්‍ය තනතුරට පත්කිරීමට මාන බලයි.
එවිට ප්‍රධානියා සහ දෙවෙනියා දේශපාලන අත්කොලු බැවින් නිදහසේ ජන්ද ප්‍රචාරක වැඩ වලට නිළධාරීන් රැගෙන යාමට හැකි බව සාකච්චා කොට ඇත. නමුත් මොවුන් පිටතට පෙන්වන්නේ තමන් මේකට විරුද්ධ බවය. අංක එකේ නලුවෙකු බවට ප්‍රසිද්ධ ප්‍රධානියාද මෙම නාඩගමේ ප්‍රධාන චරිතයක් රගපාති.
පසුගිය සතියේ තම අංශයේ ප්‍රධානම ආරක්ෂක නිදාරීන් පිරිස ගෙන්වා ඉදිරි වැඩ පිලිවෙල ගැන සාකච්ඡා පැවැත්වූ ජෙනරාල් වරයා තම අංශය සිදුවී ඇති අපකීර්තියෙන් මිදීම සදහා ක්‍රමයෝපාගික උපදෙස් ලබාදෙන ලෙස සේවක සංගම් ප්‍රධානියා හට මුලසුන පිරිනැමූ බව පවසන නිළදාරීන් මෙය තම අංශයේ ඉතිහාස ගතවන කටයුත්තක් බව පවසයි.
“නිල ඇදුම පිරෙන්නම බැජ් ගහගෙන හිටපු අපේ බැජ් ටික ලොක්කා පිටිපස්සෙ ගැහුවා” …මේ සිදුවීම පිලිබදව අතිදක්ෂ පලපුරුදු මාෂල් වරයෙක් අප සමග පැවසීය.
රනිල් ජනාධිපති කරවා තම අතිජාති ගම්පහ දේශපාලු ලොක්කගෙ කරපිටින් තවත් කාලයක් වැජඹ්මට දතකට මදින ආරක්ෂක ලොක්කා මේ දවස් වල තම නිළය තනතුර වෙනුවෙ ඕනෑම කුස්සියක වලං සේදීමටත් සූදානම් බව ඔහුගේ කාර්‍යාලයේ සුලු සේවකයන් පවා පවසයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *