අන්තරාධායක ඖෂධ පාලක මණ්ඩලයේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන අපරචාර මධ්‍යස්ථාන වෙලා

අන්තරාධායක ඖෂධ පාලක මණ්ඩලය මගින් පවත්වා ගෙන යනු ලබන මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුවන් පුනරුත්තාපනය කරන මධ්‍යස්ථාන බොහොමයක අපරචාර හා මත්ද්‍රව්‍ය පුරුදු කරන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවට තෝ‍රුරු වාර්ථාවේ.
ගාල්ල , කුරුණැගල,මහනුවර හා තලංගම යන ප්‍රදේශවල මෙම මධ්‍යස්ථාන පිහිටා ඇති අතර එහි සේවයට යොදවා ඇත්තේ පිරිමි විශෝධන නිලධාරින් වෙි.
මෙම මධ්‍යස්ථානවලට පැමිණෙන්නේ වැඩි වශයෙන් තරුණ වයසේ අය වන අතර එහි සිටින එම නිළධාරින්ගේ මෙම තරුණ වරුද කරුවන් ග්‍රහණයට ලක්වන බව වාර්ථාවෙි.
එසේ එම ක්‍රියාවන්ට අකමැතිවන අයට මෙම නිළධාරින් දරුණු ලෙස පහර දෙන බව වාර්ථාවෙි.
මෙසේ එක් මද්‍යස්ථානයක සිටි තරුණයින් දෙදෙනෙකුට අමානුෂික පහර දී තුවාල සිදු කර ඇති අතර ඔවුන්ගේ භාර කරුවන්ට පවසන්නේ මත්ද්‍රව්‍ය නොමැති නිසා කළහාකාරි ලෙස හැසිරිම නිසා ඇති වු තුවාල බවයි.
මේ අකාරයට කලුතර දිස්ත්‍රික්කයේ වැදගත් පවුලක විසි එක් හැවිරිදි තරුණයෙකුට එසේ ලිංගික හිංසන ක්‍රියා කර ඇති අතර ඊට එකග නොවිම නිසා එම තරුණයාට අමානුෂික ලෙස පහර දී තිබෙි.
පසුව මේ පිළිබදව ඔහු ඥාතින්ට පැවසීමත් සමග ඔවුන් ඒ සමිබන්ධයෙන් ළමාරක්ෂක අධිකාරියට සී සී/ 24/ 07/504 යටතේ පැමිණිලි කර තිබෙි.
මිට අමතරව එම මධ්‍යස්ථානවල සිටින ඇතැම් අයට එම නිළධාරින් මත්ද්‍රව්‍ය ද ලබා දෙන බවට තොරතුරු වාර්ථාවෙි.
මෙම මධ්‍යස්ථාන සමිබන්ධයෙන් නිරික්ෂණය කිරිමට අන්තරාධායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයා හෝ එහි නිලධාරින් මෙන්ම නීතීය හා සාමය අමාත්‍යංශයේ නිළධාරින් කටයුතු කර නොමැති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *