ණය ගන්නවා නම් අශෝක් පතිරගේ තියරියට ගන්න – බැංකු සේරම බය කරගෙන

සොෆ්ට්ලොජික් හිමිකරු මෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ ලබා ගෙන ඇති දැවැන්ත බැංකු ණය නිසි පරිදි නොගෙවීම හේතුවෙන් මෙරට සියලුම වාණිජ බැංකු දැඩි අසීරුතාවයට පත්ව සිටී. ඒ බැංකු ණය ගෙවීම පැහැර  හැරියද පතිරගේ ඇපයට තබා ඇති වත්කම් පවරා ගතහොත් සමස්ත බැංකු පද්ධතියම කඩා වැටෙන හෙයිනි.

පතිරගේ ලබා ගෙන ඇති මුළු වාණිජ  ණය ප්‍රමාණය ඔහුගේ සමස්ත වත්කම් ප්‍රමාණය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි බව කියවේ.

එනම් මෙරට සියලු වාණිජ බැංකු එක්ව ඔහුගේ සමස්ත වත්කම් අලෙවිකලද එයින් පියවා ගත හැකි වන්නේ ඔහු ලබා ගෙන ඇති ණය වලින් තුනෙන් එකක් පමණි. එම නිසා කිසිදු බැංකුවක් ඔහුගේ වත්කම් වෙන්දේසි නොකරන අතර ඔහුට හැකි ආකාරයට වරින්වර ණය වලින් සුළු කොටස බැගින් ගෙවීමේ අවස්ථාව ඔහුට ලබාදී තිබේ.

2005 වසරේ රාජපක්ෂවරු බලයට පැමිණෙන විට ප්‍රින්ටර් ශ්‍රීලංකාවට ආනයනය කරන කුඩා සමාගමක හිමිකරුවකු වූ අශෝක් පතිරගේ රාජපක්ෂ පාලන සමයේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහලටම ගිය ආකාරය සුරංගනා කතාපුවතකටත් වඩා විශ්මය ජනකය.

ශ්‍රීලන්කන් ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලබද්දීත් තනතුර රැකගත් පතිරගේ  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තනතුර  හැරගියද ශ්‍රීලන්කන් සභාපති පුටුව රැකගැනීමට සමත්විය.

 කොවිඩ් සමයේ ලොව සියලු ගුවන් සේවා ගුවන් යානා නැවත ලීසිං සමාගම්වලට භාරදුන්නද ශ්‍රීලන්කන් ගුවන් සේවය තමන් ගේ ලීසිං ගුවන් යානා සියල්ල තබා ගෙන රජයේ අරමුදල් වලින් ලීසිං ගෙවමින් යානා සියල්ල තබාගත්තේ පතිරගේ සතු ව්‍යාපාරික ඥානය නිසාද ,නැතහොත් වෙනත් කාරණයක් නිසාද යන්න අදටත් ශ්‍රීලන්කන් සේවකයන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නයකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *