ධනුෂ්ක රාමනායකත් DR නමින් ජනාධිපති සටනට ?

ජනාධිපතිවරණය පෙනිපෙනී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ සටන ආරම්භ කර ඇතත් ඒ වෙනුවට ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා වන ධනුෂ්ක රාමනායක DR නමින් තමන්ගේ සන්නමයක් ප්‍රවර්ධනයේ යෙදී සිටීම ජනාධිපති කාර්යාලය තුල බරපතල විහිළුවකට ලක්ව තිබේ. DR යනු ධනුෂ්ක රාමනායක වන අතර ඔහු සිතා සිටින්නේ තමන්ද RW ,MR, BR, PR,NR වැනි ප්‍රබල දේශපාලන තරුවක් ලෙසය.

මාධ්‍යකරණය හැර අන්සියල්ලම සිදුකරන ධනුෂ්ක මේ වන විට තනතුර උපයෝගී කරගෙන සියලු ආකාරවලින් තම ව්‍යාපාර ගොඩනැංවීම සිදුකර ඇත. රයිගම් සමාගමේ වෙළඳ නියෝජිතයකු ලෙස සිටියදී එවකට ඇමතිවරයෙකු වූ චම්පික රණවකට හමුවීම නිසා ඔහුගේ මාධ්‍යකටයුතු වලට සම්බන්ධවීම හැර ධනුෂ්ක කිසිදා මාධ්‍යවේදියකු ලෙස කිසිදු මාධ්‍ය ආයතනයක කටයුතු කර නැත.
එහෙත් පසු කලෙක තමන්ගේ දැන්වීම්කරණය හා සම්බන්ධ ව්‍යාපාර කීපයක්ම ඔහු ආරම්භ කල අතර ඒවායේ සේවකයන්ද ජනාධිපති මාධ්‍ය අංශය වෙත සම්බන්ධකර දැන් වැටුප් ගෙවන්නේ ජනාධිපති මාධ්‍ය අංශයෙනි. මේ වන විට ජනාධිපති මාධ්‍ය අංශයේ 170 කට ආසන්න සේවක පිරිසක් සිටින අතර ඉන් බහුතරයක් ධනුෂ්කගේ සහචරයන් හා සේවකයන්ය.
ධනුෂ්ක විසින් අවුරුදු උත්සව , නත්තල් උත්සව සංවිධානය කර ජනාධිපති කාර්යාලයේ නම විකුණා මිලියන ගණනින් පුද්ගලික සමාගම් වලින් ඒ සඳහා ආධාර ලබාගෙන ඇතත් ඒවායේ අදායම් වියදම් ගිණුම් කිසිවක් නොමැති බවට ජනාධිපති මාධ්‍ය අංශයේ සේවකයෝ පවසති.
ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ඉහල නැංවීමට කිසිවක් කර නැති ධනුෂ්ක දැන් තමන්ගේ ප්‍රතිරූපය නැංවීම සඳහා DR ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ සටනේ ලොකුම විහිලුව බවට පත්ව තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *