සා පෙළවත් සමත් නොවු මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සභාපති දාන සෙල්ලම් දෙස සතුටින් බලා සිටින ආණ්ඩුකාර

මධ්‍යම පලාත් සභාවෙි මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ සභාපති  ධූරය හොබවන පුද්ගලයා,යුධ හමුදාවේ සෙබළ රියදුරෙකි.ඔහුට මෙම ධූරය ලබාදී ඇත්තේ බැසිල් රාජපක්ෂගේ  නියෝගය මත මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයා වූ ලලිත් යූ ගමගේ  විසින් බව අධිකාරියේ සේවකයෝ පවසති.

මෙම අධිකාරියේ තනතුරු හොබවන  වැඩි පිරිසක් අ.පො.ස සා.පෙළ  විභාගයවත් සමත් නොවූවන් බවත්, ඇතැම් අයවලුන් ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර  තනතුර ලබාගෙන තිබේ.

කොළඹ පළතුරු යුෂ අළෙවිසැලක වේටර් වරයෙකුටද අධිකාරියේ තනතුරක් ලබාදී තිබේ.ඔහුගේ රාජකාරිය සභාපතිට පඬුැරු සැපයීමය. මොහු සභාපතිගේ පුද්ගලික සහකාර වරයා වන අතර අධිකාරියේ සේවකයන්ට බලපෑම් කරමින් බස් රථ වලින්  සන්තෝෂම් එකතු  කර සභාපතිගේ සාක්කුව පුරවන බව සේවකයන් පවසති.උපාධිධාරීන් රැකියා නැතිව හන්දි ගානේ රස්තියාදු වෙද්දී අට සමත් වූ පුද්ගලයෙකු වන  රෝහණ දිසානායක නමුවූ ක්‍රීඩා රාජ්‍ය ඇමතිගේ සොහොයුරා වන හිටපු යුධ හමුදා භටයා අධිකාරියේ සභාපති  ධූරයට පත්කර සියලු දීමනා සහිතව නිල වාහන මාසිකව රුපියල්  ලක්ෂ දෙකකට ආසන්න මුදලක්   ඔහුට ගෙවනු ලබන බව අධිකාරියේ සේවකයෝ පවසති.

පුද්ගලික බස් රථ    2800 ක් පමණ පාලනය කරන මධ්‍යම පලාත් සභාවේ ප්‍රවාහණ අධිකාරිය  උගතුන් වෙනුවට දේශපාළන හෙංචයියන්ට රැකියාව  දී තිබේ. පුද්ගලික බස්රථ වලින් දෛනිකව මුදල් එකතු කර මත්පැන් සාද පවත්වන අධිකාරියේ කාර්ය මණ්ඩලය කිසිදු මහජන පැමිණිල්ලක්  පිළිබඳව   අවධානය යොමු  නොකරන බවද මගී ජනතාවද පවසති.

අධිකාරියේ ලිපිකරු  තනතුරු දරණ කාන්තාවන් රැසකට සාමාන්‍ය පෙළ විභාග සමර්ථයවත් නොමැති අතර, අටවන ශ්‍රේණිය පමණක් සමත්වූ අයටද කළමනාකාර තනතුරු දී ඇත්තේ දේශපාළන බලය මතය.අධ්‍යක්ෂක මණ්ඩලයේ අය දේශපාළන හෙංචයියන් වන අතර,රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු දරණ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්  5  දෙනෙකි.දේශපාළන හෙංචයියන්  8  දෙනෙකි.

මෙම දේශපාළන පත්වීම්  ලද සාමාජිකයන්ට මාසිකව රුපියල් , 12000  දීමනාවක් ලබාදෙයි.

අවංකව රාජකාරී කරන ඇතැම් සේවකයන්ට  දඬුවම් මාරු ලබාදී  ඇත.මෙම අධිකාරිය තුල සිදුවන  දූෂණ අක්‍රමිකතා සොයා බලන්නට මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයා පියවර නොගන්නේ  ආණ්ඩුකාර වරයාටද සන්තෝෂම් ලැබෙන නිසා බවද පලාත් සභාවේ සේවකයන් පවසයි.

මේ අතර එකක් රුපියල්  60000 ක් වූ ජී පි එස් යන්ත්‍ර  235  ක් සහ ටිකට් මැෂින් 23 ක් අතුරු දහන් වී ඇති අතර ඒ සඳහා විදේශ ආධාර මුදල් ලැබී තිබේ.මෙම මුදල්  ගෙවා අධිකාරියට මිළදී ගත් දේපළ අතුරුදහන් වීම ගැන සිදුකල විගණන පරීක්ෂණ ලිපි ගොනු අතුරුදහන් වී ඇති බව අධිකාරියේ සේවකයන් පවසයි.

සුදු අලියෙක් බවට පත්ව ඇති මධ්‍යම පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරිය අල්ලස් ගුහාවක් බව පුද්ගලික බස් හිමියන් පවසති.මෙම අධිකාරියේ සභාපති වරයාට ශත පහක දැණුමක් නැති බවත් ගුංණාත්මක මගී ප්‍රවාහණ සේවාවක් සපයන බවට දිවුරා පෙරොන්දු වී සභාපති ධූරයට පත්වූ අධිකාරියේ සභාපති වරයා තමාගේ පුද්ගලික සහකාර ලෙස පත්කර ගත්  ජූෂ් බාර් වේටර්  ගේ උපදෙස් මත වැඩකරමින්  බස් හිමියන්ගෙන් සන්තෝෂම් එකතු කිරීම සිදුකරන්නේ පුද්ගලික සහායක නිලධාරියා වූ මාතලේ ඕවිලිකන්දේ  සිට අධිකාරිය තමන්ගේ ඒකාධිකාරය කරගත්   ජූෂ් බාර් වේටර්  සහායෙනි.

මෙම අධිකාරියේ   පරිපාලනය භාර  පලාත්ප්‍රවාහණ අමාත්‍යාංශ ලේකම් වරිය ගේ  කරේ ලක්ෂ දහයක රන් මාළයකි.ඇය අමාත්‍යාංශයේ ශීත කාමරයට වී දවස ගත කරයි.පුද්ගලික බස් ධාවනය  හෝ මගී ජනතාව ගැන මේ මධුපානීයට කිසිදු හැඟීමක් නැතැයි ප්‍රවාහණ අධිකාරියේ    සේවකයෝ පවසති.

පුවත් පතක අධිකාරිය පිළිබඳව විවේචනයක් පලවූවිට අරක්කු ටිකක් බත් ටිකක් කන්න දී ඔවුන්ගේ අතට කීයක් හෝ  ලබාදී   ෂේප් කරගත හැකිබව අධිකාරියේ සභාපති සහ ඔහුගේ ගෝලයෝ පවසති.මධ්‍යම පලාතේ ප්‍රධාන ලේකම්ද පුටුවට බරවී පස්ස උස්සන්නේ නැතිව ශීත කාමරයෙන්  එළියට නොපැමිණ ආණ්ඩුකාර වරයාගේ රැස්වීම් වලට පමණක්  පම්පෝරි ගසන බව පලාත් සභාවේ සේවකයන් පවසයි.

පලාත් සභාවේ ප්‍රවාහණ අධිකාරිය හොර ගුහාවක් වුවද ඒ ගැන තුට්ටුවට නොසලකන කයිවාරු ආණ්ඩුකාර වරයා,මහජන මුදල් නිපරාදේ වැය කරන උත්සව වලට ගොස් කා බී පොටෝවලට පෙනීසිටිනවා ඇරෙන්නට මධ්‍යම පලාතට කල දෙයක් නැතැයිද දූෂිත නිලධාරින් නිලධාරිනියන් රකිමින්  ජනතා මුදල්  කාබාසිනියා කරන්නෙකු බවද පලාත් සභාවේ සේවකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *