මහින්දානන්ද එජාප කාර්යාලයට ගොස් වැඩ අරභයි

එක්සත් ජාතික පක්ෂයේ මහනුවර කාර්යාලයට පැමිණි(13) පොදු ජන එක්සත් පෙරමුණේ හිටපු අමාත්‍ය,වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා මහනුවර එජාප සංවිධාන කටයුතු බාර ශාන්තිනී කෝන්ගහගේ, චානක අයිලප්පෙරුම,ඩී එම් විජේරත්න ,එම් ජේ ලාපීර්, සුජිත් කාරියවසම්, මහනුවර හිටපු පුරපති කේසර සේනානායක යන මහත්ම මහත්මීන් හමුවූ ඉදිරි මැතිවරණ කටයුතු සමිබන්ධයෙන් සාකච්ජා කර ඇත.

මහින්දානන්ද අළුත්ගමගේ මහතා කලක් ප්‍රබල එජාප විරෝධියෙකු වී සිටි අතර ඔහු නියෝජනය කරන නාවලපිටිය ආසනයේ එජාප ක්‍රියාකාරී කටයුතු වලට දැඩි සේ බාධා කල අයෙකි.නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාළන ඉතිහාසයේ ප්‍රථම වරට එජාප විරෝධී දේශපාළනඥයෙකු මහනුවර එජාප මූලස්ථානයට පැමිණ එජාපයේ නායක යා වූ රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපති වරයාව යලිත් ජනාධිපති වරයා ලෙස පත් කිරීමට සහාය දෙන්නට ඉදිරිපත් වේයැයි කිසිවෙකුත් නොසිතන්නට ඇතැයි බොහෝ දේශපාළනඥයන්ද මවිතය පලකරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *