මහනුවර පොහොට්ටුවෝ හෝදා ගෙනම රනිල්ට හේත්තු වෙති

එළඹෙන  14 වන දින  මහනුවරදී පැවැත්වෙන මහා රැළිය සංවිධාන කටයුතු    කිරිමට ඉදිරියට පැමිණ ඇත්තේ  පෙහොට්ටුවේ  ප්‍රබලයන් වූ මහින්දානන්ද    ,ලෙහොන් රත්වත්ත , දිලුම් අමුනුගම ,    ගුණතිලක රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බව වාර්ථාවෙි.

ඊට අමතරව එස් එම් චන්ද්‍රසේන ,ප්‍රමිත තෙන්නකෝන් වැනි පොහොට්ටුවේ ප්‍රබලයන්ද  රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණයට උරදී සිටිති.

මහනුවර 14 රැළිය සඳහා පොහොට්ටුවේ මෙන්ම එජපෙයේ ආධාර කරුවන්ද නුවරට රස් කරවීම මහින්දානන්ද අළුත්ගමගේ බාරගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ තමන්ට නාමල් රාජපක්ෂට උඩින් එන්න ඉඩ නොදුන් බවත්,තමන් ඇමතිකම් කරන හැටි ඉගෙන ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගෙන් බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත  තෙන්නනෝන්  තම සගයන්ට පවසයි.

මහනුවර බොහෝ පොහොට්ටු  දේශපාලනඥයන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට උර දී සිටිති.

එජාපයේ ආධාරකරුවන්ට ප්‍රබල බාධාවක්ව සිටිය මහනුවර ලොහාන් රත්වත්තේ දිලුම් අමුණුගම,මහින්දානන්ද අලුත්ගමගේ යන දේශපාලනඥයෝ රනිල් වික්‍රමසිංහ  මහතාටත් වඩා එජාප ලැදි පිරිසක් වී සිටින බව මහනුවර ජනතාය පවසති.

14 වන දින මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට රනිල්ගෙ සහායට පවත්වන මහා ජන රැළිය සංවිධාන කටයුතු මහින්දානන්ද අලුත්ගමගේ  මන්ත්‍රී වරයා අතට ගෙන තිබේ.

හිරේ ගොස් සිටින කෙහෙළියගේ පැවිදි උපදේශක කහගල සීලරතන  හිමියන්ද  කෙහෙළියගේ උපදෙස් පරිදි 14 මහනුවර පැවැත්වෙන ජන රැළියේ වේදිකාවට නැගීමට සූදානමින් සිිටී.

මහනුවර හිටපු නගරාධිපති  ,කේසර සේනානායකද  මධ්‍යම පලාත් ආණ්ඩුකාර ධූරය අපේක්ෂාවෙන්    සිටිතැයි  ඔහුගේ සගයන් පවසති.එම ධූරයට ඔහු සුදුසු බවද  ඔවුන් පවසති.මෙවර මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාළනය උඩු යටිකුරුවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *