ජනාධිපතිවරණයට වාසි ගන්න  පල්ලේකැලේ  නව යුදහමුදා රෝහල විවෘත්ත කරන්න  කොට උපකරණ වල වගකිමි කාලය පනී

මහනුවර පල්ලේකැලේ  ප්‍රදේශයේ ඉදිකර ඇති නවීන පහසුකම්වලින් සමන්විත යුදහමුදා රෝහල ඉදිකර දැනට මාස ගණනක් ගතව ඇතත් එය විවෘත නොකිරිමෙන් දැනට සේවයේ සිටින හා විශ්‍රාමික යුදහමුදා සමාජිකයින්  හා එම පවුල්වල සමාජිකයින්ට ප්‍රතිකාර ගැනිමට අනුරාධපුරය හෝ නාරාහේන්පිට පිහිටි යුදහමුදා රෝහල්වලට යෑමට සිදුව තිබෙි.

 හිටපු හමුදාපති දයා රත්නායක මහතාගේ කාලයේ එහි ඉදිකිරිම් සැලසුම් සකස් කර ඉදිකිරිම් ආරම්භ කර ඊට අවශ්‍ය භාහිර රෝගි අංශයේ සිට ,දන්ත එකකයක්,ශල්‍යාගාරයක් ඇතුලු නේවාසික පහසුකම්වලින් සමන්විතව ගොඩනැගිලි ඉදිකර ඇත.එවාට අවශ්‍ය උපකරණද මිලට ගෙන ඇති අතර රෝහල විවෘත නොකිරිමෙන් එම උපකරණවල වගකිමි සහත කාලයද  මෙිවනවිට අවසන් වෙමින් පවතින බව වාර්තවේ. මහනුවර මහ රෝහල හා පේරාදෙනිය මහ රෝහලට නොදැවෙනි  ආකාරයේ නවීන පහසුකම්වලින් අංග සම්පුර්නව ඉදිකළ ඇති නව රෝහල ඉදි කිරිමේදීද විශාල අක්‍රතමිකතා සිදුවිමේ ප්‍රතිඵලයක් ලෙස හිටපු හමුදාපතිනරුන් ගේ නිවාස අංග සමිපුර්ණ වු බව යුදහමුදාව තුල ප්‍රසිද්ධ රහසකි.

මේවනවිටත් රෝහලේ සේවය  අවශ්‍ය කාර්ය්‍ය මංඩලයද ස්ථානගත කර ඇති අතර මැතිවරණයක් ඉලක්ක කර රෝහල විවෘතකිරිමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති නිසා එය විවෘත කිරිම ප්‍රමාද වන බව සදහන්වෙි.

කෙසේ වෙතත මිට මාස කිහිපයකට පෙර යුදහමුදාපති විකුම් ලියනගේ එම රෝහල ඉදිරිපිට ඇති  අපනශාලාවක් පමණක් විවෘතර ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *