මම අගවිනිසුරුගේ පුතා යැයි පවසමින් ජනාධිපති ආරක්ෂක ආංශයේ නිලදාරියෙකුට පහර දෙයි

අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගේ හයිය ගෙන ඔහුගේ සොහොයුරාගේ පුතා ජනාධිපති ආරක්ෂක නිළධාරියෙක්ට පහරදීමක් සිදුව ඇතැයි වාර්ථා වෙි.
කුරුණැගල පැවැති උරුමය ඔප්පු බෙදා හැරිමේ උත්සවයට පැමිණි ජනාධිපතිවරයාගේ ආරක්ෂක රාජකාරි කරමින් සිටි එම ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට පහර දී තිබෙි.
වාහනය යම් ස්ථානයකට ඇතුළු කිරීමට නොදීම පිළිබඳව උරණ වී මම අගවිනිසුරුගේ පුතා යයි පවසමින් ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට පහර දුන් වග බව පොලිස් නිළධාරියෙක්ම හෙලි කළේය .
කෙසේ නමුත් මේ පිලිබද පැමිනිල්ල කුරුණෑගල විවිධ පැමිණිලි අංශයේ විභාග වෙන අතර පැමිනිල්ල යට ගැසීමට ඉහළින් උපදෙස් ලැබෙන බව ආරංචි මාර්ග සදහන් කරයි.
අගවිනිසුරුගේ පුතා යයි පවසමින් පහර දුන් නමුත් පසුව සොයා බැලීමේදී දැනගැනීමට ලැබුණේ අගවිනිසුරුගේ මල්ලිගේ පුතකු බවයි.
කුරුණෑගල ප්‍රසිද්ධ නීතිඥයෙකු සමග කුරුණෑගල විවිධ පැමිණිලි අංශය වෙත පැමිණ එම පොලිස් නිලධාරියාට වන්දි මුදලක් ලබාදී සිද්ධිය යටපත් කරමින් සිටින බව ආරංචි වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *