රනිල්ගේ මහනුවර සංවිධාන කටයුතු මහින්දානන්දට දිමෙන් එජාප පාක්ෂිකයින් අවුලෙන්

මහනුවර එජාප ප්‍රචාරක කටයුතු සහ රැස්වීම් සංවිධාන කටයුතු පොහොට්ටුවේ ප්‍රබලයෙකු වූ හිටපු අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහනුවරදී(27) දින පවරන තිබෙි.

පොහොට්ටුවේ ආධාර කරුවන් සහ එජාප ආධාර කරුවන්  වෙත පණිවුඩ යවමින් මහින්දානන්ද මන්ත්‍රී වරයා  ලබන14 වනදින මහනුවර එජාප රැළිය සංවිධානය කිරීමද මෙි දිනවල සිදු කරගෙන යයි.එජාපයේ ප්‍රබල ප්‍රතිවාදියෙකු ලෙස කලක් එජාප පාක්ෂියන් අතර නම රැඳී මහින්දානන්ද මන්ත්‍රිවරයා,මෙවර රනිල් ජනාධිපති වරයගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමද කැපී පෙනෙන්නට තිබෙි.

එජපෙයේ මහනුවර ප්‍රබලයන් සහ පොහොට්ටුවේ ප්‍රභලයන්  ඒකරාශී කරගනිමින්  මහින්දානන්ද මන්ත්‍රීවරයා ජනාධිපති රනිල්ගේ විශ්වාස වන්තයා වී සිටින බව පොහොට්ටුවේ සහ එජාපයේ   ආධාර කරුවන් පවසති.

පසුගියදා මහනුවරට පැමිණි ජනාධිපති වරයා එජාප සංවිධාන කටයුතු මහින්දානන්ද මන්ත්‍රී වරයාට පැවරීමෙන් පසු  පොහොට්ටුවේ මන්ත්‍රී වරුන් වන ලොහාන් රත්වත්තේ,දිලුම් අමුණුගම  සෘජුව රනිල් ජනාධිපති වරයාගේ ජය තහවුරු කිරීමට රනිල් මහතාට සමීප වී සිටිති.

එජාපයේ  විරුද්ධවාදීන් ලෙස මහනුවර නම් දැරූ   දේශපාළනඥයන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට ලංවීම  එජාපයේ ආධාර කරුවන් මෙන්ම පැරණි එජාප පාක්ෂිකයන්ද මවිත කරවන කාරණාවක් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *