මාධ්‍යම පලාත් ආණ්ඩුකාරගේ මාධ්‍ය ලේකම් ව්‍යජ තොරතුරු දී ඉන්දියාවේ සංචාරයක

මාධ්‍යවේදීන්  ඉන්දියාවට යවන වැඩ සටහන යටතේ කිසිදු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ආයතනයකට සමිබන්ධ නොමැති   මධ්‍යම පලාතේ ආණ්ඩුකාරයාගේ මාධ්‍ය ලේකම් කිරිඳිගොඩ  යන පුද්ගලයාද    මාධ්‍ය ගොඩට රිංගා මහනුවර සහකාර ඉන්දීය මහ කොමෙසාරිස් කාර්යාලයෙන් ලබාදුන් ඉන්දීය සංචාරයට ගියේ කෙසේදැයි දසක දෙක තුනක සිට මාධ්‍යවේදීන්  ලෙස කටයුතු කල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි වී සිටින මාධ්‍යවේදීහු ප්‍රශ්ණ කරති.

මෙම පුද්ගලයාගේ සොහොයුරා පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබා පාර්ලිමේන්තුවට ගිය අයෙකි.

කිරිඳිගොඩ නැමති ආංණ්ඩුකාරවරයාගේ මාධ්‍ය ලේකම්  කිසිදු  පුවත් පතකට අකුරක් නොලියූඅයෙකි.ලේක් හවුස්  ආයතනයේ හෝ වෙනත් ලංකාවේ කිසිදු පිලිගත් මාධ්‍ය ආයතනයක හෝ අඩුම වශයෙන් වෙබ් අඩවියක මාධ්‍යවේදියෙකු නොවන බව මහනුවර ප්‍රාදේශිය මාධ්‍යවේදීන් පවසයි.මොහු  කුමන පදනමක්  යටතේ මාධ්‍යවේදීනගේ ලැයිස්තුවට   ඇතුල් වුණාද කියා මාධ්‍යවේදීන් මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් වරි⁣යගෙන් ප්‍රශ්ණ කරති.

ඉන්දියාවේ සංචාරය සඳහා ආංණ්ඩුකාරයාගේ මාධ්‍ය ලේකම් කටයුතු කරනකිරිඳිගොඩ නැමැත්තා තෝරාගෙන ඇති ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය  මහනුවර සිටින ප්‍රධාන මාධ්‍යවේදීන්  අමතක කර ඇති බව ඔවුන්  පවසයි.

මාධ්‍යවෙිදීන් මෙම ඉන්දීය සංචාරයට රැගෙන යාම වරදක් නොවන අතර මාධ්‍ය  ආයතනයකට වචනයක් නොලීවු මාධ්‍ය ආයතනයක නමක්වත් නොවැටුණු කෙනෙකු  මාධ්‍යවේදියෙකු ලෙසින් ඉන්දියාවේ සංචාරයට  යැවීම  සිදුව ඇත්තේ දේංශපාළනඥයෙකු වූ ආණ්ඩුකාරයගේ බලපෑම  මත යයි වාර්ථාවෙි.

 මහනුවර  ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලයේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් මහනුවර මාධ්‍යවෙිදීන් සැකයෙන් යුතුව බලා සිටීන අතර උදයන කිරිඳිගොඩ නැමති ගෝඨාභය රාජපක්ෂ දිනවීමට  වියත් මග ඔස්සේ මහනුවර දිස්ත්‍රිකයෙන් පාරිලිමේන්තුවට ගිය  අයගේ සොහොයුරා නිසා  දේංශපාළන පත්වීමක් ලබා මධ්‍යම පලාතේ ආණ්ඩුකාර   ලලිත් ගමගේ මහතාගේ මාධ්‍ය ලේකම් සලස කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *