දිස්ත්‍රික්කයේ එක වන්න කිරඇල්ල හා වසන්ත සටන ආරම්භ වුණා

ලක්ෂ්මන් කිරිඇල්ල හා වසන්ත යාපා බණ්ඩාර අතර නායකත්වය සදහා සීතල යුද්ධයක් මේ දිනවල දැඩිව ආරම්භ වී තිබේ.සජබේ මහනුවර දිස්ත්‍රික්කයේ බලවතා වූ ලක්ෂ්මන් කිරිඇල්ලට උඩින් එක්වරම පාත් වූ හිටපු කුඩාදේවාල බස්නායක නිළමේ වසන්ත යාපා බණ්ඩාර  කිරිඇල්ලගේ දියණිය චමින්ද්‍රානී කිරිඇල්ලව විවේචනය කරමින් මහනුවර දිස්ත්‍රික්කය පුරා සිය ජන්ද ප්‍රචාරණ කටයුතු ආරම්භ කරද්දී  ලක්ෂ්මන් කිරිඇල්ලට යක්ෂයා ආරූඩ වී ඔහු පැරචුට් එකෙන් සජබෙට කඩා වැටුණු බන පවසමින් දැඩි ලෙස විවේචනය කරන්නට පියවර ගෙන තිබේ.

ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වන්දනා මාන කරමින් පොහොට්ටු පක්ෂයට රිංගා ගත් වසන්ත  මහනුවර දිස්ත්‍රික්කයෙන් ජන්දයට ඉදිරිපත් වී ලක්ෂය ඉක්මවා මනාප ලබාගෙන පාර්ලිමේන්තුවට යද්දී  කිරිඇල්ල යන්තම් චන්ද ටිකක් ලබාගෙන  පාර්ලිමේන්තුවට රිංගා ගත් බවත්,තාත්තගෙ දුවගෙ කෙරුම් ජන්දෙදි බලාගත හැකි බවත් වසන්ත යාපා බණ්ඩාර පවසයි.

වසන්ත යාපා මහනුවර දිස්ත්‍රික්කයෙන් පන්නා දමන බව කිරිඇල්ල අභියෝග කරයි.තමන්ගෙ හිසට උඩින් කාක්කන්ට පියඹන්න නොදෙන බව කිරිඇල්ල කියයි.මේ දෙදෙනාගේ ද්වන්ධව සටන එලිපිට ආරම්භ වන්නේ මැතිවරණය දවසට බව නුවර ජන්ද දායකයො කොහෙන්දෝ පාත්වූ  අපතයෙකුට මහනුවර රජකරන්න නොදෙන බව කිරිඇල්ල ප්‍රසිද්ධියේම පවසයි.

සජබ දිස්ත්‍රික නායකයා කිරිඇල්ලට උඩින් වසන්ත යාපා බණ්ඩාර දැම්මේ නුවර දිසත්‍රික්කයේ ජන්ද සජබෙට එකතු කර ගැනීමට වුවද,ලක්ෂ්මන් කිරිඇල්ල වසන්ත යාපාට පේරාදෙණිය පාළම පසුකර නුවරට  එන්න නොදෙන බව කිරිඇල්ලගෙ දේශපාළන සමීපතම සගයන් පවසති.

දෙදෙනාගේ සටන මනාප චන්ද සටනක් බව මහනුවර වැසියන්  පවසති.තමන්ව විශ්වාස නිසා සජබ නායකයා තමන්ට නුවර දිස්ත්‍රික්කය භාරදී ඇති බව පවසමින් වසන්ත යාපා බණ්ඩාර මහනුවර දිස්ත්‍රික්කය පුරා සිය දේශපාළන ප්‍රචාරණය ආරම්භ කර තිබේ.  මේ දෙදෙනාම නීතීඥවරු නිසා එකම පක්ෂයේ ද්වන්ධව සටන දෙස මහනුවර දිස්ත්‍රික්කයේ  ජනතාව බලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *