ගිවිසුම අතුරුදහන්වී තිබියදී ඇද ගෙන යන ම්ග් යානා නඩුව

තානාපති ලෙස වසර 09 කට ආසන්න කාලයක්‌ ලැබුණු පඩි මුදල් පමණක් හෝ නිදහස් කරන ලෙස ඉල්ලම්න් හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා ගොනුකරන ලද පෙත්සම ඊයේ (24) විභාගගත් අවස්ථාවේදී, නීතිපති දෙපාර්තමේන්තුව එම වැටුප් මුදල් නිදහස් කිරීමට විරුද්ධ බව අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා අංක 01, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා වෙත දන්වා සිටියේය.

මාධ්‍යවේදී ඉක්බාල් අතාස් යන අය 2015 දී දුෂණ විරෝධි කමිටුවට ශ්‍රි ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී මුල්‍යමය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට 2015 දී පැමිණිල්ලක් ගොනුකරන ලදී. වසර 17 වැඩි කාලයක්‌ චෝදනා කරන මිග් ගනුදෙනුවට ශ්‍රි ලංකා රජය ගිවිසුම් අත්සන් කිරීමට පෙර කොමර්ෂල් බැංකුවේ තමන්ගේ ගිණුමෙහි තිබුණු මුදල් මෙන්ම තමන් තානාපති ලෙස වසර 09 කට ආසන්න කාලයක්‌ ලැබුණු පඩි මුදල් ද නිදහස් කරන ලෙස තම සේවාදායකයගේ ඉල්ලීම, ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අංක 01, කොළඹ මහා අධිකරණයේ SPL/07/2015 නඩුව මූලිකව දිවුරුම් පෙත්සමක් 2023 සැත්තැම්බර් 12 වෙනිදා ගොනුකරන ලදී.

වසර 20 වැඩි කාලයක් කොමර්ෂල් බැංකුවේ සාර්ථක පවත්වාගෙන ගිය බැංකු ගිණුමෙන් තම නමටම චෙක්පතක් නිකුත්කරන ලෙස කරන ලද ඉල්ලීමට සැක සහිතව ගනුදෙනුවක් ලෙස පෙන්වා, කොමර්ෂල් බැංකුව විසින් තමාගේ නමට ඇති සියලු ගිණුම් අත්හිටුවීම ගනුදෙනුකරුවකුට කරන අසාධාරණයක් බවට වීරතුංග මහතා චෝදනා කරයි.
පසුව මහබැංකුව ගිණුම් අක්‍රීය කළ කාලසීමාව වසර 09 ක්ම කලින් කලට ඒකපාර්ශවිකව දීර්ඝකර ඇති බව ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මහා අධිකරණයට පෙන්වා දුන්නේය. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව එක දේශපාලන පවුලකට ඇති පුද්ගලික එදිරිවාදිකම් නිසා, එම පවුලට සම්බන්ධ සියළු නඩු තමන්ගේ යටතේ තබාගෙන, කිසිම නඩුවක් විසදන්නේ නැතිව වසර 09 ක් පුරාවට ද්වේශ සහගතව නීතිපති දෙපාර්තමේන්තුව අධිනීතිඥ උදාර කරුණාතිලකරන සිදුකරන මෙම ක්‍රියාවලිය ඉතා අසාධාරණ බව අධිකරණයට පෙන්වා දුන්නේය.
මෙම නඩුව පමණක් නෙමයි, රාජපක්ෂ වරුන්ගේ නඩු කිහිපයක් මේ වගේම විසදුම් නොදීම වසර ගණනාවක් තියාගෙන සිටීම ගැන අලුත් නීතිපතිවරයා තීන්දුවක් ගත යුතු බව ජනාධිපති නීතිඥ අනිල් සිල්වා කියා සිටියේය. තම සේවාදායකයා පවුලේ එකම ආදායම්ලාභියා ලෙස ගිණුම් අක‍්‍රීය කිරීමෙන්, ඔහුගේ දරු දෙදෙනාගේ අධ්‍යාපනයේ අඟහිඟකම් මතු වී ඇති අතර, මාස්පතා කරන සියලූ ගෙවීම් වසර 09 වැඩි කාලයක්‌ නතර කර එම පවුලේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ද පෙන්නුම් කර සිටියේය.
2006 දී සිදුවූ මිග් යානා ගණුදෙනුව 2000 වසරේදි රජය මිලදි ගත් යානා වලට වඩා වැඩි මුදලක් මිලදී ගනිමින් රජයට පාඩු කලේ යැයි මුලින්ම ඇගිල්ල දිගු වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටය. එබැවින් ගෝටාභය රාජපක්ෂ විසින් ගල්කිස්ස දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර අතර විදේශ අමාත්‍ය අලි සබ්රි නීතීඥවරයා සහ දිලීප් ජයවීර ඊට පෙනීසිටින ලදී. එයාර් වයිස්‌ මාර්ෂල් ජයනාත් කුමාරසිරි මහතා විසින් එම නඩුවට රැගෙන ගිය ගිවිසුමේ මුල් පිටපත දැන් සොයා ගැනීමට නොහැකි බව අපරාධ කොට්‌ඨාසය උසාවියට වාර්තා කළේය.
එසේ නමුත් ගිවිසුම නැතිකළ පුද්ගලයන් සැකකරුවන් නොකිරීමට සැකයට තුඩුදුන් කරණක් බව ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පවසයි. ශ්‍රි ලංකා ගුවන් හමුදාව, BELLIMISSA සමාගම සහ UKRINMASH සමාගම අතර ගිවිසුම එවක ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා අත්සන් කර වසර 18 කට ආසන්න කාලයක්‌ ගෙවී ඇත.
ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා මහබැංකුව එකතුවී පුරා වසර 09 ක් පරීක්ෂණ සිදුකර ඇති නමුත් මිග් ගිවිසුමට අදාළ මුදල් මගේ ගිණුමට බැර කර ඇති බවට සාක්ෂි නොමැතිව බව වීරතුංග මහතා කියා සිටියි. මෙහිදී ශ්‍රී ලංකාවේ බැංකු කෙරෙහි ඇති විශ්වසය කඩ කරමින්, ගිණුම්කරුවකුට අනාරක්ෂිත තත්වයක් ඇති මොහොතක එතෙරදී උපයන මුදල් ශ්‍රී ලංකාවේ බැංකුවල තැන්පත් කර, රජයේ ගොදුරක් නොවන ලෙස ලාංකිකයන් දැණුවත් කරන බව වීරතුංග කියා සිටියි.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සදහා උදයංග වීරතුංග සෝවියට් දේශයට පා තබන්නේ 1985 වසරේදීය. අධ්‍යාපනය නිමා කිරීමෙන් පසුව ව්‍යාපාර කටයුතු වල නිරතවන වීරතුංග මහතා විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර ගාමර් මහතා විසින් ශ්‍රි ලංකාවේ ගරුසේවා කවුන්සල්වරයා ලෙස පත්කර ඇත. පසුව ඔහු සතු භාෂා නිපුනතාවයත්, සෝවියට් දේශය පිළිබඳ ඇති අත්දැකීම් මූලිකව රුසියානු සමුහාණ්ඩුව ඇතුළු රටවල් 08 ක තානාපතිවරයෙක් ලෙස 2006 ජූලි 17 දින සිට පත්වන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *