මහනුවර කතරගම දේවාලය පිටුපස මස්,එළු මස්  හරක් මස්  ගාත් පිටින් උයයි

මහනුවර ඓතිහාසික  ශ්‍රී  දළදා මාළිගාවට අයත් ඓතිහාසික සතර මහා දේවාල වලින්එකක් වන ශ්‍රී කතරගම දේවාලය පිටුපස මස්,එළු මස්  හරක්මස් බාබත් ගාත් පිටින් උයා  එම ස්ථානයේදීම   කෑමට  අළෙවි කරන බවට තොරතුරු වාර්ථාවෙි.

පූජා බිම කිළිටි වන අන්දමින් දේවාලයට අල්ලපු බිත්තියේ පිටුපස පිහිටි මෙම මාංස  හෝටලය කතරගම  දේවාලයයට අයත් වන අතර,එය ලොකු මුදලකට බදු දී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙවියන්ගේ මෙම දේවාලය පිටුපස මස් මාංශ සහිත හෝටලයක් පවත්වාගෙන යාම සඳහා දේවාලයේ නිළමේ වරයාට ලොකු පඬුරු   පොදියක් ලැබී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දේවාලයට අයත් ඉඩම් රැසක්  සහ කඩ රැසක් බදුදී ඇත්තේ අන්‍ය ආගමිකයන්ට වන අතර බදුදී ඇත්තේ අති විශාල අතයට ගනුදෙනු වලට බවද  දැනගන්නට ලැබී ඇත.

මීට කලින් හිටපු නිළමෙලා කල වැරදි ඩබල් වෙන්න දැන් කතරගම දේවාලය භාර බස්නායක නිළමේ විසින් ඒවා කරගෙන යන බව  දේවාලයේ සේවකයන් පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *