මහනුවර තරුණ රාජ්‍ය ඇමතිවරයෙකුගේ  සම්බන්ධීකරණ ලේකම්වරයෙක්  සාම විනිසුරු ඉල්ලුම්පත් විසිදහසට විකුණලා

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ රාජ්‍ය ඇමතිවරයෙකුගේ  සම්බන්ධීකරණ ලේකම් යැයි කියාගන්නා ගුණයෙන් ධර්මයෙන්  යුත්  පොහොට්ටුවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් අධිකරණ අමාත්‍යාංශය හරහා තම රාජ්‍ය අමාත්‍යාවරයා වෙත ලැබුණු මුළු දිවයිනටම බලපාන සාම විනිසුරු ඉල්ලුම්පත්   ලබා දුන්පුද්ගලයන් 15 දෙනෙකුගෙන් රුපියල් විසිදහස(20000/=) බැගින් එකතු කර තිබෙන බව එම රාජ්‍ය අමාත්‍ය වරයාගේ කාර්යාලයීය විශ්වාශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම මුදල් එකතු කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය වරයාට  නොදැනෙන්නට බවද,එම මුදල් එකතු කිරීම සිදුකර  ඇත්තේ රාජ්‍ය අමාත්‍ය වරයාගේ කාර්යාලයේ අයවලුන්ට සහ උත්සවයකට සහභාගි වන අයට සංග්‍රහ කිරීමට කියා යැයිද දැනගන්නට තිබේ.

මෙම මුදල් එකතු කිරීම  දිදුලන රාජ්‍ය අමාත්‍ය වරයා නොදන්නාබවත් ඔහු එවැන්නක් දන්නේ නම් මෙම ධර්මයේ නම විකුණාගෙන කන පුද්ගලයා පන්නා දමනු ඇතැයි   තතු දත් අයවලුන් පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *