සල්ලිවලට රාජකාරිය නැමුණු සේනක පොලිස් පරීක්ෂක දින පොතෙනුත් හොරා කලා

පොලිස් දෙපාර්තමේන්තුවට 1979 වසරේ බදවා ගත් දෙවන ආධුනික උපපොලිස් පරීක්ෂක කන්ඩායමට අපූරු තරුණයෙක් එක්විය. 1954 දෙසැමිබර්-03 උපන් සේනක කුමාරසිංහ නමි අයට පුද්ගලයන් ලියාපදිංච් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන ජාතික හැදුනුම් පත් අංක 543382388V හිමි විය. 1978 ගැසට් නිවේදනය අනුව ඉල්ලීම් කල ඔහු එම කන්ඩායමට නොතේරුනේ නම් පොලීසියට බැඳීමට සිදුවන්නේ පොලිස් උප සේවයටය. ඒ ඔහු ඒවන විටත් නිත්‍ය නිළධාරීන් බඳවා ගන්නා උපරිම වයස සීමාවට ලංව තිබූ බැවිනි. දෙපාර්තමේන්තුවට බැඳුන කාළයේ සිට විශ්‍රාම ගන්නා තෙක් ඔහු පොලිස් රාජකාරී සදහා දක්ෂයෙක් නොවූනද සොරකම් සහ වංචාවෙන් මුදල් ඉපයිමට දක්ෂයෙකු විය.

කාළය සෙමින් ගෙවෙද්දී ඔහු විශේෂ පුදලයකුගේ පුදගලික සමීප ආරක්ෂකයා විය. ඒ බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කල ඇමති සහ පසු කලක ඌව පලාතේ මහ ඇමති වූ පර්සි සමරවීරගේ ය. ඇමතිවරයාගේ ආරක්ෂාව සැපයීමට අමතරව ඔහුට තවත් විශේෂ කාර්යක් පැවරී තිබුණි .ඒ ඇමති වරයාගේ බිරිඳගේ සීනි කොළුවා ලෙස කටයුතු කිරීමයි. ඒ මහිමයෙන් මුල් පත්වීම ලැබ වසර 11 කට පසු ඔහු පළමු උසස් වීම ලබන්නේය. ඒ 1988-ජුලි-21 දින පොලිස් පරීක්ෂකයෙකු ලෙස පත්වන අතර   එදින පොලිස් පරීක්ෂකවරයෙකු  වූ එකම නිළධාරියා ඔහුය. ඒ මහ ඇමති බිරිඳගේ විශේෂ ඉල්ලීම මතය.

1994 ජනවාරි-06 දින එවකට පැවති රජයේ අවසන් කාළයේදී එම රජයට හිතවත් නිළධාරීන්ට උසස්වීම් ලබාදීමේ ඩීබී විජේතුංග නියාය යටතේ සේනකටද ඊලග උසස් වීම එනම් ප්‍රධාන පොලිස් පරීක්ෂක ධූරය හිමිවිය. ඒ වන විට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටියද ඔහු කල එකදු ප්‍රධාන පෙලේ අපරාධ පරීක්ෂණයක් නොවීය. 

කාලය මෙසේ ගෙවෙද්දී 1998 ජුනි-08 දින කොටුව තොග මාළු වෙළදසැල අසදී අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී සහකාර පොලිස් අධිකාරී ශාන්තු කුමාර් මරණයට පත්විය. ඒ ගැන පරීක්ෂණ පැවැත්වූ කන්ඩායමට එය එවකට පාතාල සාමාජිකයකු වූ ක්‍රිස්ටෝපර් බැරී විසින් සිදුකල බවට අනාවරණය විය. ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරිණි. එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූයේ නියෝජ්‍ය පොලිස්පති පුන්‍යා ඩි සිල්වා මහතාය. දේශපාලන බලපෑම් මත අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවේ ඕඅයිසී පුටුවේ සිටි මෙලෝ දෙයක් බැරි සේනක කුමාරසිංහ වැනි නිළධාරීන් සමග මෙම පරීක්ෂණ කටයුතු සිදුකිරීම අපහසු බව ඩීඅයිජී පුන්‍යා ඩි සිල්වා එවකට පොලිස්පති ලකී කොඩිතුවක්කු මහතාට සෑම සතියේම සදුදා දින පොලිස්පති කාර්යාලයේදී පැවැත්වෙන සාකච්ඡාවේදී පැමිණිලි කළේය.

 පොලිස්පති වරයා ඩීඅයිජී පුන්‍යා ඩි සිල්වාට පවසා ඇත්තේ වැඩේ කරන්න පුලුවන් කියා සිතෙන ඕනෑම නිළධාරියකු තෝරාගෙන නොපමාව තමාට ඉදිරිපත් කරන ලෙසයි. එසේම ක්‍රිස්ටෝපර් බැරී ව අත් අඩංගුවට ගැනීමට තොරතුරු සපයන්නෙකුට රුපියල් ලක්ෂ 10 ක තෑග්ගක් ලබාදෙන බවද පොලිස් දෙපාර්තමේන්තුව මාධ්‍ය හරහා ප්‍රචාරය කර තිබුනි. මේ කාළයට ආසන්න කාළයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඉඟුරු කඩේහන්දියේදී එවකට ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එවකට පොලිස් පරීක්ෂකව සිටි ශානි අබේසේකර විසින් සාර්තක වැටලීමක් කර තිබුණි. ඒ ක්‍රිස්ටෝපර් බැරීගේ බිරිඳව මිමි9 වර්ගයේ පිස්තෝලයක් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගැනීමයි.

එසේම රාජකාරී නිමවී ගෙදරට යන අතරතුර ශානි අබේසේකරව බොරැල්ලේ බේකරිය අසලදී ඝාතනය කිරීමට ක්‍රිස්ටෝපර් බැරී කරතිබූ සැලසුමක් ශානිගේ පොලිස් සමකාළීන යෙකුට දැන ගන්නට ලැබී එය ශානිට දන්වා ඔහුව ආරක්ෂා කරගෙන තිබූ බවත් ශානීද ක්‍රිස්ටෝපර් බැරී පිළිබදව තොරතුරු සොයමින් සිටින බවටත් ඩීඅයිජී පුන්‍යා ඩි සිල්වාගේ කණ වැකුන විගස ඒ බව පොලිස්පති දැනුවත් කර පොලිස්පති නියෝග පරිධි මාස 3 කට තාවකාලික ස්ථාන මාරුවක් යටතේ ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවන ලදි.

 වහාම ක්‍රියාත්මක වූ ශානි ඇතුළු නිළධාරින්ට ක්‍රිස්ටෝපර් බැරීගේ අයියාව අත් අඩංගුවට ගැනීමට හැකිවිය. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ක්‍රිස්ටෝපර් බැරී රාගම ආරක්ෂිත නිවසක සිටින බවට තහවුරු කරගැනීමෙන් පසුව 1998 සැත්තැමිබැර්-08 දින බැරීව අත් අඩංගුවට ගැනීමට යාමේදී බැරී ස බිරිඳ පොලිස් වෙඩි පහරින් මිය ගියාය. ඉන් සුළු මොහොතකට පසු වැඩේ කරනකම් බලාසිටි සේනක ක්‍රියාත්මක විය. එනම් ක්‍රිස්ටෝපර් බැරී සිටින තැන පිළිබදව තොරතුර තමගේ පුද්ගලික ඔත්තු කරුවෙකු ලබාදුන් බවට කූඨ ලේඛන සකසා දෙපාර්තමේන්තුව දෙනවා කී රුපියල් ලක්ෂ 10 ලබා ගත්තාය.

 එය ඔහුට නොදෙන ලෙසට එවකට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කොටකදෙනිය මහතා තර්ක කලද වැඩක් නොවීය. කොටකදෙනිය මහතා මැදිහත් නොවන්නට ශානි ඇතුළු ක්‍රියාන්විතය සිදුකල නිළධාරින්ට කිසිම තෑගි මුදලක් හිමි නොවන්නට තිබුනි. සේනක ලිඛිතව වංචනිකව ලබාගත් මුදල එසේය.

ශානි අබේසේකර වැනි නිළධාරියකු එක් පොලීසියක කොටු කර තැබීම නුසුදුසු බවත් ඔහුව පූර්ණකාලීනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කලයුතු බවටත් ජේෂ්ඨ නියොජ්‍ය පොලිස්පති කොටකදෙනිය මහතා ඉදිරිපත් කල යෝජනාව පොලිස්පතිවරයා පිළිගෙන ශානි අබේසේකරව සීඅයිඩී යට ස්ථිර ව අනුයුක්ත කලේය.

මේ කාළයේ තවත් විශේෂ දෙයක් විය. ඒ සේනක කුමාරසිංහට අපරාධ වලට කප්ගැසූ කෙනෙකුගෙන් තෑග්ගක් ලැබීමයි.  ඒ කූඨප්‍රකට නිහාල් වික්‍රමසිංහ නොහොත් නාවල නිහාල්ගෙන් කොළඹ 08 ගෝතමී පාරේ ඔප්පුවක් රහිත ඉඩමක් ලැබීමයි. අදටද සේනක කුමාරසිංහ පදිංචිව සිටින්නේ එම ඉඩමේ ගොඩනගා ඇති තට්ටු තුනකින් යුත් නිවසේය. එම නිවසේ ටයිල් ඇල්ලීම සදහා සේනක ටයිල් ලබා ගත්තේ ආමර් වීදිය ගල්වල පාරේ ටයිල් සිවා යනුවෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගෙනි. ඒ සාදහා ගෙවිය යුතු රුපියල් ලක්ෂ 19 ක් සේනක කුමාරසිංහ අදටත් ගෙවා නැත. සේනක ගේ වැඩ එහෙමය.

සේනක කලක් පොලිස් පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති විය. එම තනතුර තාමන්ට ලද වගකීමක් ලෙසට නොව තමගේ ආදායම් මාර්ගයක් ලෙසට පරිවර්තනය කරගන්නා ලදි. ඒ අනුව වාර්ෂිකව එම සංගමය මගින් සාමාජිකයන් සහ විශේෂ අමුත්තන් සදහා දීමට විශ්වලේඛා ආයතනය හරහා මුද්‍රණය කරවූ දිනපොත් වලින් 10% කොමිස් ලබා ගැනීමයි. 2004 වසර සදහා මුද්‍රණය කරන දිනපොත් සදහාද ඔහු එම කොමිස් මුදල් ලබාගෙන තිබුණි. 2003-2004 වසර සදහා එම සංගමයේ විධායක මණ්ඩලයට පත්වූ එවකට ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් පරීක්ෂක ඕඇම්ඩී ගැමුණු නොවන්නට සේනක අදටත් දිනපොත් වලින් කොමිස් ගන්නවාය. මෙම කොමිස් මුදල් දීම ගැන තොරතුරු ලද විගස එම නිළධාරියා විශ්වලේඛා පාලන අධිකාරියට මෙවර කොමිස් මුදල් ඍජුවම සංගමයට නොදෙන්නේ නම් 2004 වසර කරන ලද ඇනවුම අවලංගු කරන බව දැන්වීමෙන් පසුව ඒවන විටත් මුදල් ගෙවීමට පෙර සේනක කුමාරසිංහට ගෙවා තිබූ නිසාත් රුපියල් 20000/= ක චෙක් පතක් ලබාදී තිබුණි. ඒ බව අදටත් පොලිස් පරීක්ෂක සංගමයේ කාර්යාලයේ සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සාක්ෂි දරයි. ඉන්පසු 2005, 2006 වසරවල් සාදහා පොලිස් පරීක්ෂක සංගමයට රුපියල් ලක්ෂ එකහාමාරකට වැඩි මුදලක් ගැමුණු නිළධාරියා ඉතිරිකර නොදෙන්නට ඒ සියළුම මුදල් සේනක කුමාරසිංහ ගේ සාක්කුවේය.

ඊට පසුව සේනක රුපියල් ලක්ෂ 50 කට තම ආත්මය විකුණුවාය. ඒ කතාව මෙසේය.

ලංකාවේ තිරේ පිටුපස මහාපරිමාණ කුඩු ආයනන කරුවා සුනිල් මුතුමාල නොහොත් ඇපල් සුනිල් බව ඇසුවොත් ඔබ මවිතයට පත්වනු ඇත. ඒත් තිත්ත උවත් පරම සත්‍ය එයයි. ඔහු පකිස්තානයෙන් මත්කුඩු ආනයනය කරේ පස්වන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පූර්ණ අනුග්‍රහය සහ රැකවරණය යටතේය. ඔහු එම මත්කුඩු ගෙන ආවේ  සහල් අර්ථාපල් සහ පරිප්පූ සමගය. අර්ථාපල් ගෙඩි ලෙස හගවා ගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක හසූවූ පුවත ඔබට මාතකට ආවාට අදාල නඩුව ට උනදේ දන්නේ මහින්ද රාජපක්ෂ සහ ඇපල් සුනිල් පමණි.

මේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන. පාතාල සමාජිකයන් වූ ප්‍රදී සහ ප්‍රසාද් යන සොහොයුරන්ට දැනගන්න ට ලැබුනි ඒ 2007 වසරේදීය.ඔවුන් දෙදෙනා ඇපල් සුනිල් සහයකයාගෙන් මසකට රුපියල් ලක්ෂ 25 බැගින් ලබා දෙන ලෙසට තර්ජනය කර තිබූණි.ඒ බව ඇපල් සුනිල් ට දැන්වීමෙන් පසූ ඔහු පොලිස් සහය පැතීය. එවකට මිරිහාන විශේෂ පොලිස් කාන්ඩායමක් මගින් අතුරුගිරිය ලැගුම්හලක සිටියදී ප්‍රසාද් අත් අඩංගුවට පත්ව ආයුධ පෙන්වීමට ගොස් මියගිය අතර ප්‍රදීගේ තර්ජන ය තවත් වැඩි විය. ඇපල් සුනිල් ප්‍රදීගේ කොන්ත්‍රාත්තුව බාර දෙන්නේ ඒවකට සීඅයිඩී යේ. ඒඑස්පී ව. සිටි සේනක කුමාරසිංහ ටය. ඒ රුපියල් ලක්ෂ 50. කටය.

සීඅයිඩී නිළධාරින්ට කොටුවන ප්‍රගීව පැලවත්ත පිහිටි ඇපල් සුනිල්ට අයත් ආරක්ෂිත නිවසට ගෙනැවිත් ඇපල් සුනිල් ට සහ ඔහූගේ සහයකයාට වන්දවා රහසි ගතව ප්‍රගීව මරා දැම්මා ය.   අදටද ප්‍රගී යනූ අතුරුදන් පුද්ගලයෙකි. මෙහෙයුමට සම්බන්ද වූ කනිෂ්ඨ නිළධාරින්ට සේනක කීවේ අදාල අයව පීඑස්ඩී අයට බාරදුන් බවය. මුදල් ලැබේ නම් ඕනෑම පහත් ක්‍රියාවකට යොමුවන පොලිස් කාරයෙකුට හොදම උදාහරණය හිටපු ඒඑස්පී සේනක කුමාරසිංහය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *