දිගින් දිගටම සිදුවන ගුවන්තොටුපළ ආරක්ෂක අංශයේ රත්‍රං ජාවරක් රේගුව අල්ලයි

බණ්ඩාරනායක ගුවන්තොටුපලේ ආරක්ෂක අංශයේ සාමාජිකයකු විසින් රත්‍රං කිලෝ දෙක හමාරකට ආසන්න ප්‍රමානයක් නීතිවිරෝධි ලෙස රට තුලට ගෙන ඒමට තැත් කිරීමේදී රේගුව විසින් අත් අඩංගුවට ගෙන ඇත. සංක්‍රමනික ප්‍රදෙශයේ සැරිසරන මගීන් ගෙන් රත්‍රනං රැගෙන කුලී පදනම මත හොරෙන් ප්‍රවාහනය කිරීම කලක සිටන් ගුවන් තොටුපල සේවකයන් විසින් කරගෙන එනු ලබන ජාවාරමකි.
විශාල වශයෙන් මෙකී රත්‍රං සගවා රට තුලට ඇතුල් කිරීම සදහා ජාවාරම් කරුවන් විසින් මුදල් විවිධ අයුරින් නිළදාරීන් හට ලබාදෙනු ලබයි. මෙකී ජාවරම් වල මහමොල කරුවන් නිදැල්ලේ සිටීමට එක් හේතුවක් ලෙස විධිමත් පරීක්ෂණ නොපවත්වන බවට පෙනී යයි.
මෙසේ අත් අඩංගුවට ගත් ආරක්ෂක අංශ සාමාජිකයා මීට පෙරද මෙවැනිම ජාවාරමකට හසුවී වැඩ තහනමකට ලක්ව නැවත් සේවයට පැමිණි කෙනෙකි. මේ සම්බන්දව අත් අඩංගුවට පත්වූ අනෙක අය ටර්මිනල් අධිකාරි වරයෙකි. මොහු ආරක්ෂක අංශයේ සාමජිකයෙකුව සිට ගුවන් කලාපයයට ඇතුල්වන ආරක්ෂක බලපත්‍ර නීති විරෝදී ලෙස විකිනීමක් සම්බන්දව අල්ලස් හෝ දූෂන කොමිෂම මගින් පරීක්ෂණ පවත්වන සිද්ධියේ ද ප්‍රධාන චූදිතයකු වේ.
එම සිදුවීම ආරක්ෂක අංශයෙන් යට ගසා ඔහුව උසස් නිලයකට පත්කිරීම සිදුවූ හැටිද පරීක්ෂණ යකට ලක්කල යුතුය. මෙවැනි සිදුවීම් වල මහ මොල කරු කවුද යන්න ගැටලුවක් බව ගුවන්තොටුපළ නිලදාරින් පවසයි.එම බලපත්‍ර වංචාවේදීම මොහුට නිසි දදුවම් ලබාදීම සිදු කලානම් මෙවැනි ජාවාරම් කරුවන් උසස් වීම් නොලැබෙන බව එහි නිළධාරියෙකු සදහන් කළේය.
ආරක්ෂක අංශ විසින් CCTV ජාලය තුලට තමන්ගේ හිතවතුන් රින්ගවා මෙවැනි සිදුවීම් හොර මැරකම් සගවා තැබීම සදහා “ඇස් කුලිය” ලබන නිලධාරීන් සොයා බැලීම රාජ්‍ය ආරක්ෂක අංශ වලද වගකීමකි.
මෙලෙසම මොවුන් මුදලට ඕනෑම දෙයක් ගුවන් යානය තුලටද රැගෙන ගොස් විනාශයක් සිදු කල හැක. මෙවැනි ක්‍රියා අධික්ෂණයක් කිරිමට කටයතු නොකිරිම නිසා මෙවැනි සිද්ධීන්වල වර්ධනයක් දක්නට ලැබෙන බව වාර්ථාවෙි.
මොහු රාජකාරී කරන කණ්ඩායමේම නිළදාරීන් ගේ නොසැලකිලිමත් කම නිසා පසුගිය දිනක රාජ්‍ය නායකයා ගමන් කරන ගුවන් යානයට අන්තරාදායක භාන්ඩ රැගෙන යාමට මගියෙකු දරන ලද උත්සාහයක් ගුවන් යාන ආරක්ෂක නිලධාරීන් ගේ දක්ෂකම නිසා වැලක්වියමට හැකි විය.
එලෙස රාජකාරී සිදුකරන ආරක්ෂක අංශ අයවලුන් දේශපාලකයන්ගේ රැකවරනයට මුවාවී මෙසේ සිදු කරයි
දුර්වල කල්මනාකාරීත්වය නිසා ජාතික ආරක්ෂාවට සම්බන්ධ ස්ථානයක් සතිපොලක් බවට පත්ව තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *