කාන්තාවන්ට ලොල්වී මිනිමැරුම්වලට හසුවු  පාලිත සිරිවර්ධන වැනි   ඩීඅයිජී ලත් ලංකා පොලිසියේ සිටියේය

වැඩි දෙනෙකුට උසස් තැන්වලට පැමිණි පසු තමන් සිටි මුල් අවධිය හිතාමතාම අමතක කරයි.එයට තමන්ගේ වත් පොහොසත් කම් සේම දැන උගත්කමද බලපාන නිසා දන්නා අදුනන අය පවා අමතක කිරිම සාමාන්‍ය දෙයකි. විශේෂයෙන් පොලිසියට බැදෙන වැඩි දෙනෙක් තරුපටි වැඩි වෙන්න ඔලුව උදුම්මා ගැනිම සාමන්‍ය දෙයකි.අපේ කථා නායකයාද ඊට නොදැවනි චරිතයකි.

1959-සැත්තැමිබර්-05 උපත ලැබු පාලිත රෝහණ සිරිවර්ධන කොළඹ රාජකීය විදුහලෙන් මූලික අධ්‍යයාපනය ලැබ අධ්‍යයාපන සුදුසුකම් යාන්තමින් සමත්ව තිබූ නිසා පොලිස් ක්‍රීඩා කණ්ඩායමට එක්කර ගැනීමේ අරමුනින් 1979-ඔක්කොම්බර්-08 දින ආධුනික උප පොලිස් පරීක්ෂක ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට සමිබන්ධ විය. එහිදී පොලිස්‍ රග්බි සහ බාස්කට් බෝල් කණ්ඩායම් නියෝජනය කළේය.

ඔහුට පොලීසියට බැඳීමට තවත් උපකාරයක් වූයේ පසු කළෙක කොළඹ නියෝජ්‍ය පොලිස්පති වූ ඒ එස් සෙනවිරත්න ඔහුගේ ඥාතියකු වීමයි. පොලීසියට බැඳුන කල සිටම ගෑණු ඇබලයකු වූ පාලිත සේවයට බැඳී වසර 11 කට පසුව පොලිස් පරීක්ෂක ලෙසට 1988-ජුනි-02 උසස් වන්නේය. ඉන්පසු ඔහු මහරගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙසට පත්විය.

එ් කාලයේදී සල්ලාලයකු වූ පාලිත විජේරාම පදිංචිව සිටි කාන්තාවක් සමග රහස් සම්බන්දයක් පටං ගෙන එය කෙළවර වුයේ දරුවන් දෙදෙනෙකු සිටි ඇගේ විවාහ දිවියද අවසන් කොට ස්වාමිපුරුෂයාව හිරේටද යවමිණි.

තම මාමාගේ අනුභාවයෙන් පාලිත ඊලගට  තලංග ස්ථානාධිපති ලෙසට පත්වන්නේය. එහි දී ඔහුගේ ගොදුර බවට පත්වන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ සිටියදී මිය ගිය පොලිස් කොස්තාපල් වරයෙකුගේ වැන්ඳඹු බිරිඳය. ඇයගේ සහ පොලිස් කොස්තාපල් වරයාගේ නම නොලියන්නේ ඔවුන්ගේ දරුවන් ගැන සිතාය.එවකට හෝමාගම බේකරියේ මුදලාලිගේ වැඩිමහල් දියණිය සමග විවාහ වී සිටි පාලිත ඇගේ නැගෙනියවද අඹුකමට ගෙන සිටි අයුරු අදටත් හෝමාගම ගම්වාසීන් සාක්ෂි දරයි.

 1993දී රාජපක්ෂ නම් රේගු නිළධාරියකුට අවමන් ලෙස සැලකීම නිසා තලංගම ඕඅයිසී පට්ටම ගැලවෙන පාලිතට එවකට කොළඹ දිසාව බාරව සිටි ඔහුගේ මාමා වන ඩීඅයිජී ඒඑස් සෙනවිරත්න ගේ පිහිටෙන් පාදුක්ක පොලීසියට ඕඅයිසී ලෙසට යන්නට වාසනාව උදාවන්නේය. පාදුක්ක පොලීසියේ රාජකාරී කලද සතියට දින දෙකක් තලවතුගොඩ ( තලංගම පොලිස් වසමේ) සිටි පෙර කී මියගිය පොලිස් කොස්තාපල් වරගේ බිරිඳ සමග යහන් වැදීමට පැමිණීම පාලිත පුරුද්දක් කරගෙන සිටි නිසා ඒ ගැන අවධානයෙන් සිටි ගමේ තරුණයන් එක්ව පාදුක්ක පොලීසියට අයත් ටෲපර් ජීප් රථයේ වින්ඩ්ස්ක්‍රීන් කුඩු කරදැමූ නිසා එම කාන්තාව දිවා කාළයේදී හංවැල්ල තානායමට ගෙන්වා ගෑනීම කලේය.

 පසුව පාලිත එන්නේ බොරැල්ල පොලීසියේ ස්ථානාධිපති ලෙස පත්විමි ලබා ගෙනය. හොද හොද සෙල්ලම් වෙන්නේ ඒකාළයේදී.  දිනක් රිය අනතුරක් වාර්ථා කිරීමට ඇහට කණට පේන මැදිවියේ කාන්තාවක් පැමිණෙනවා දුටු පාලිත වහාම ඇයව ඔහුගේ කාර්යාලය ට කැදවා රථවාහන අංශයේ නිළධාරින්ද ඔහුගේ කාර්යාලයට කැදවා ඇයට ප්‍රභූසේවයක් ලබා දුනි. ඒ වෙන කිසිවක් සදහා නොව ඇයව තවත් හොර අඹුවක් ලෙස තෝරා ගැනීමේ අදහසිණි. ඇයද ඒවන විට ව්‍යාපාරිකයෙක් වූ ශාන්ති කුමාර් නැමති අයගේ අනියම් බිරිඳය. ශාන්ති කුමාර් ගේ නීත්‍යානුකූල බිරිඳ පොදුරාජ්‍ය මන්ඩල ඕස්ට්‍රේලියානු ශාකාවේ සේවයේ නියුතුව සිටියාය.ඔහුට අයත් නිවාස දෙකක් බැද්දගානේ තිබුණු අතර එක් නිවසක් කුළියට දී තිබුණි. උත්සව සදහා සේවා සපයන්නියක් වූ ශාන්ති කුමාර්ගේ අනියම් බිරිඳ ඔහුට හමුවන්නේද කොළඹ ගොල්ෆ් ක්‍රීඩාසමාජයේ පැවති උත්සවයකට සේවා සැපයීමට පැමිණි විටකය. මේ අතර තුර තවත් සිදුවීමක් වන්නේ වනතාමුල්ල 45 වත්තේ සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයකු සහ මංකොල්ල කෑම් ගනනාවකට වැරදි කරුවෙක් වී සිටි සුදත් රෝහිත නොහොත් නයිට් රයිඩර් මිමි9 පිස්තෝලය ක් සහ ජීව උන්ඩ සමග අත් අඩංගුවට ගැනීමයි. පසුව අධිකරණයේ ඇපමත සිටි ඔහු නියමිත නඩු දිනයේ අධිකරණයට නොගොස් වරෙන්තු වූ පසු ඊට පසුදින අධිකරණයට මෝසමක් මගින් ඉදිපත්වී රුපියල් 5000/= දඩයක් ගෙවා නඩුව අවසන් කර ගත්තේ පාලිත රුපියල් ලක්ෂයක් ගෙවමිනි.

ඒ සම්බන්ධතාවට රෝහිතට සලසා දෙන්නේ තවත් රාජකීය ආදි සිසුවකු වූ ඔබේසේකර පුර ආමි ඉන්දිකය. ඔහු රෝහිත සමග මංකොල්ල කෑම්වල නිරත වූවෙකි. එසේම කුලී මිණී මරුවෙකි. පාලිත ශාන්ති කුමාර්ගේ බිරිඳ සමග අනියම් සම්බන්දය පටන් ගන්නේ ශාන්ති කුමාර්ගේ මිතුරකු ලෙස සිටිමින් ශාන්ති කුමාර්ට රහසේය. ශාන්ති කුමාර්ට අයත් කුලියට දී තිබූ නිවසේ කුළී කරුවන් පාලිත ගේ සහයෙන් පන්නා දමන ලද අතර පාලිත ඒ සදහා මැරවරයකු වූ ආමි ඉන්දික යොදවාය. එයින් මිතුරු කම තවත් ශක්තිමත් වූ නිසා නිතර නිතර කොළඹ ගොල්ෆ් ක්‍රීඩාංගණය යේ සහ බම්බලපිටිය පොලිස් ආපනශාලාවෙි  පාටි දැමීම පාලිත ශාන්ති කුමාර් සහ ඔහුගේ අනියම් පුරුද්දක් කොට ගෙන තිබුණි.

දිනක් බම්බලපිටිය පොල්ස් මෙස් එකේදී ශාන්ති කුමාර්ගේ අනියම් බිරිඳ වැසිකිළියට ගිය අතර ඊට මොහොතකට පසු පාලිතද ඇයව අනුගමනය කරාය.දෙදෙනා ගේ පැමිණීම ප්‍රමාද නිසා ශාන්ති කුමාර් ද ඒ දෙසට ගිය විට ඔහු දුටුවේ තමාගේ අනියම් බිරිඳ සහ පාලිත දෙදෙනා සිටගෙන සිප වැලදගනිමින් සිටිනවාය. එයදැක කිපුන ඔහු පාලිතට බිම වැටෙන්නට පහර පිට පහර දුන්නාය.බීමත්ව සිටි පාලිතට කිසිවක් කරකියා ගත නොහැකි විය. ශාන්ති කුමාර් අනියම් බිරිඳව එලවා දැමුවාය. ගුටිකෑ පාලිත තම කාර්යාලයේ කනස්සල්ලෙන් සිටින විට ඔහු හමුවීමට පැමිණි ඔහුගේ මිණිමරු මිතුරා වූ ආමි ඉන්දික ඒ ගැන විමසා ඇත. සිදුවූ ලැජ්ජාව ඉන්දිකට කියූ පාලිත ඉන්දිකගෙන් ඉල්ලා සිටියේ කෙසේ හෝ ශාන්ති කුමාර්ට අමතක නොවන පාඩමක් උගන්වන ලෙසය. ඒ කාළයේම පාලිතට වැලිකඩ ඕඅයිසී ලෙස මාරුවීමක් ලැබුනි.

එයද පාලිත වාසියට ගත්තේ ශාන්ති කුමාර් ගෝල්ෆ් පිටියේදී යමක් සිදුවුනි නම් එය වීමර්ශනය කරන්නට වන්නේ බොරැල්ල ඕඅයිසී ලෙස ඔහුටමය. ආමි ඉන්දික ක්‍රියාත්මක විය. කොළඹ ගොල්ෆ් පිටියේ ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටි අඩි 6 අගල් 3 ක් උසැති ශාන්ති කුමාර්ට 9 මිමි පිස්තෝලය කින් වෙඩි තබා ඝාතනය කරන ලදී. ඒ වන විටත් ඉන්දිකට ප්‍රංශය බලා යෑමට පාලිත සියල්ල සූදානම් කර තිබුණි. මේ පරීක්ෂණය බාර වූයේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකව සිටි බන්දුල වික්‍රමසිංහ නොහොත් ෂෝ වික්‍රමසිංහටය. වහා ක්‍රියාත්මක වූ ඔහු කනිෂ්ඨ නිළධාරියෙකුගේ සහය පැතීය. ඒ එම නිළධාරියා පාතාල අපරාධ කරුවන් පිළිබදව තොරතුරු සොයමින් සිටීමයි. ආමි ඉන්දික සුදත් රෝහිත පාලිත අතර සම්භන්දය කණිෂ්ඨ නිළධාරියා විසින් ෂෝ වික්‍රමසිංහට ලබා දුන් විගස ශාන්ති කුමාර්ගේ අනියම් බිරිඳගෙන් ප්‍රශ්න කෙරිනි. ඇය කුළී නිවැසියන් එලවීමට ආමි ඉන්දිකගේ සහය ගත් බව හෙළිදරව් කිරීමත් සමග ඝාතන අභිරහස හෙලිවිය.

 ආමි ඉන්දික අත් අඩංගුවට ගැනීමට යනවිට ඔහු නිවසේ නොසිටි අතර ඔහුට සීඅයිඩී යට පැමිණෙන ලෙස දැන්වූ පසු ඔහු පසු දිනම සීඅයිඩී යට බාරවිය. ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සියල්ල හෙළිදරව් වූ අතර ශාන්ති කුමාර් ඝාතනයට කුමණ්ත්‍රනය කිරීමේ වරදට ශාන්ති කුමාර්ගේ අනියම් බිරිඳත් එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත සිරිවර්ධනත් අත් අඩංගුවට පත්විය. මෙවැනි චෝදනාවකට රජයේ සේවකයකු හසුවූ විට ඔහුගේ වැඩ තහනම් කිරීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය උවත් මහින්ද රාජපක්ෂගේ ඍජු බලපෑම මැද එය එසේ නොවීය.ඒඔහුගේ මාමා මහින්දගෙන් කල ඉල්ලීමටය. මාස 3 කට අධික කාළයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි පාලිත ඇප මත පැමිණ ටික දිනකට පසු නැවත රාජකාරී වාර්ථා කලේය. කාළය සෙමින් ගෙවී යද්දී 2001 දෙසැම්බර් මහ මැතිවරණය කැදවා තිබියදී බොරැල්ලේ මැගසින් පාරේ සිටි ඕල්කට් නැමති පාතාල සාමාජිකයාගේ මාමා වන දැනට ඉතාලියේ පදිංචිව සිටින ප්‍රදීප් ලවා කොටිකාවත්ත ඉන්ධන පිරවුම් හල අසලදී පාලිත සිරිවර්ධන ඉල්ලීම පරිදි ඉන්දිකව වෙඩි තබා ඝාතනය කරවන ලදි. එසේ කරවූයේ ශාන්ති කුමාර් ඝාතන නඩුවේ පලමු සැකකරු මියයාම මත අදාල නඩුව විභාග වීම නතර කිරීම සදහාය. ඉන්දික ඝාතනය කල ප්‍රදීප්ට ඉතාලියට පැනයාමට සියළු කටයුතු  පුද්ගලිකවම සැලසුම් කළේ පාලිත සිරිවර්ධන ය. ඉන්දික ඝාතන නඩුව සැකකරුවන් ට විවෘත වරෙන්තු කොට වසා දමා ඇත.

මහින්දගේ මැදිහත් වීම මත පාලිත පසුව ඒඑස්පී සිට ඩීඅයිජී දක්වා උසස් වීම් ලැබුනි. එසේම කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශය බාරව සිටියදී මහින්දගේ යටිතල පහසුකම් සපයන  රස්සාව ද පාලිත අකුරටම ඉටුකල අතර සෑම දිනකම ක්ලබ් වසන්ත සමග ගනිකා සේවනයට ගියාය. ඒ අතරතුර පාලිතට හමුවන ජපන් ජාතික කාන්තාවක් සමගද අනියම් සම්භන්දය ක් පටං ගෙන එයද මිණීමැරුමක් ආසන්නයට ගොස් නතර විය. මහින්ද රාජපක්ෂ විසින් පාලිතව ඔහුගේ පාදඩ වැඩ කර ගැනීම සාදහා තංගල්ල කොට්ඨාසයේද රාජකාරී යොදවන ලදි. මෙවැනි පාදඩ නිළධාරින්ව ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන්නේද පාදඩ දේශපාළුවන් නිසා ඕනෑම මොහොතක පාදඩ  දේශපාළුවන්ට කෙළවීගෙන යන විට පාදඩ මෙවැනි නිළධාරින් ඉදිරිපත් වීම පුදුම දෙයක් නොවේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *