රත්න සහල් අධිපති සජබ ජාතික ලැයිස්තුවෙන් පාරලිමෙින්තුවට

ප්‍රධාන පෙලේ සහල් මොල් ව්‍යපාරිකයෙකු වන ලංකේස්වර මිත්‍රපාල මහතා හෙවත් නිව් රත්න සහල් අධිපතිවරයා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පිවිසිමට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තාවෙි.

ඒ සදහා පක්ෂයට අවශ්‍ය මුල්‍ය ශක්තිය ලබා දෙමින් කටයුතු කරන බවට තොරතුරු වාර්තාවෙි.

පසුගියදා සමගි ජන බලවෙිගයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සමුලුවට පැමිණෙන පිරිසට අවශ්‍ය ප්‍රවහාන පහසුකම් සදහා බස් රථ දෙසියකට අවශ්‍ය මදල් ලබා දි ඇති අතර පසුගිය මැයි රැලියට ද බස් රථ සියයකට මුල්‍ය දායකත්වය ලබා දි ඇති බව සදහන්නේ.

ලංකේස්වර මහතා පලුගස්දමන ප්‍රදේශයේ සිය සහල් මෝල ව්‍යපාරය කර ලෙන යනවිට මධ්‍යම පරිසර අධිකාරියේ නිතිරිති උල්ලංඝණය කිරිම නිසා විශාල නඩු ප්‍රමාණයකට මුහුන දිම සිදුවු අතර අවසානයේ හිටපු ජණාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උදව්වෙන් නැලිකන්ද ප්‍රදේශයේ මහවැලි ඉඩම් අක්කර දෙසියක් ලබා දී සහල් ව්‍යාපාරය පුලුල් කලේය.

අවසානයේ ඔහු ශ්‍රිලංකා නිදහස් පක්ෂයෙන්  පොළොන්නරු දිස්ත්‍රික්කයට තරග කර පරාජයට පත්වි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *