චම්පිකගේ මහනුවර සගයා රටින් යන්නම යයි

යහපාලන රජයේ හිටපු කැබිනට් අමාත්‍ය වරයෙකු වූ පාඨලී චම්පික රණවක මහතාගේ දේශපාළන සගයෙකු වූ,මහනුවර දිස්ත්‍රික්කයේ  සංවිධායකවරයෙකු ලෙස කටයුතු කල හිටපු මධ්‍යම පලාත් සභා මන්ත්‍රී තුෂාර ස්වර්ණතිලක මහතා සිය දරු පවුලද සමග කැනඩාවට පදිංචිය සඳහා ගොස් තිබේ

පාඨලී චම්පික රණවක මහතාගේ සියලු දේශපාළන සංවිධාන කටයුතු මෙන්ම හෙතෙම අමාත්‍ය ධූර හෙබවූ සමයේ එම අමාත්‍යාංශය මහනුවර දිස්ත්‍රික්කය තුල සිදුකල මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල සම්බන්ංධීකාරක  ලෙසද කටයුතු කල තුෂාර ස්වර්ණ තිලක මහතා මැතිවරණ කටේ තිබියදී සියලු දේවල් විකුණා දමා ලංකාවෙන් පිටව ගියේ ඇයිදැයි මහනුවර දේශපාළන කටයුතු කල බොහෝ  දෙනෙකුට ප්‍රහේළිකාවක් වී තිබේ.

පාංඨලී චම්පික රණවක  මහතාගේ මහනුවර දේශපාළන කටයුතු සඳහා  තුෂාර ස්වර්ණතිලක සිටිය  යුතුම වෙලාවක ඔහු රටින් ගියේ ඇයි දැයි මහනුවර බොහෝ දෙනා ප්‍රංශ්ණ කරති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *