කවුද මේ චන්ද්‍රසිරි ප්‍රනාන්දු නොහොත් හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු   ?

චන්ද්‍රසිරි ප්‍රනාන්දු 1945 ඔක්තෝම්බර් 12 දින  උපන් අතර  ජාතික හැදුනුම් පත් අංක 452249316 V යටතේ තරුණ උපාධි ධාරියකු ලෙස 1971 .12.15 ආධුනික සහකාර පොලිස් අධිකාරි කෙනෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුව එක්විය. ඔහු සමග තවත් ආධුනික සහකාර පොලිස් අධිකාරී වරුන් 4 දෙනෙකු එදිනම පොලිස් දෙපාර්තමේන්තුවට බැඳී ඇත.

 ඒ S G  රන්දෙණිය ,T I De  සිල්වා ,J හේරත් , NB ජයසුන්දර නම් අයවේ.  මින් අප කතානායක චන්ද්‍රසිරි ප්‍රනාන්දු 1980-01-01 පොලිස් අධිකාරී ධූරයටත් 1985-01-01 ජේෂ්ඨ පොලිස් අධිකාරි ධූරයටත් 1991-02-05 නියෝජ්‍ය පොලිස්පති ලෙසත් 2002-03-19 දින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් 2004-10-01 සිට. 2006-10-11 දින පොලිස්පති ධූරයටත් පත් විය. 

සේවයට ආ මුල් කාළයේ සිටම හොරකමට වංචාවට හුරුවූ මේ නිළධාරියා මුලින්ම කලේ සමාජයට ඔහුගේ උප්පැන්නයේ නැති නමකින් ඔහුව හදුන්වා දීමය. ඒ අනුව ඔහු චන්ද්‍රා ප්‍රනාන්දු නමින් හදුන්වා දුන්නේය .

1992 වසරේ පොලිස් ජේෂ්ඨතා ලේඛනයේද ඔහු චන්ද්‍රසිරි ප්‍රනාන්දු මිස චන්ද්‍රා ප්‍රනාන්දු නොවේ. ඔහු ඊලගට එක්සත් ජාතික පක්ෂයට ලැදිව කටයතු කර 1981-04-01 දින ජපානයේ වසරක ශිෂ්‍යත්වයක් ලබා වැඩිදුර ඉගෙනීමට ගියේය. පොලීසියට බැඳුන මුල් කාළයේ සිටම ස්ත්‍රී ලොල්ලෙකු වූ මොහු වසරක් සදහා ජපානයට ගිය මොහු එරට කාන්තාවක් සමග ජීවත්වීමට පටං ගෙන එය බිඳීගිය පසු ලංකාවට නැවත එන්නේ 1984-03-31 දිනය.

 නමුත් අතයට ගණුදෙනු දී තමන්ගේ වැඩ කර ගැනීමට ප්‍රසිද්ධ මොහු එවකට ආරක්ෂක ලේකම්ව සිටි සේපාල ආටිගලට මුදල් තෑගි දී ඔහු ලවා 1985 අප්‍රේල් 03 දිනැති අංක ඩීපී/සී36/183 දරණ ලිපිය මගින් වැටුප් රහිතව ජපානයේ  සිටි කාළය සදහා හිඟ වැටුප්ද , ජේෂ්ඨත්වයද ලබා ගන්නා ලදි. 

සේපාල ආටිගලට දුන් මුදල් සොයා ගැනීම  සදහා ඔහු විසින් සිදුකරේ යාපනේ කොටුව පොලීසිය භාරයේ තිබූ යාපනේ උසාවියේ රන්භාන්ඩ තැන්පත් කර තිබූ සේප්පුව  1985 මැයි 05 කඩා එහි තිබූ රන් භාන්ඩ මංකොල්ල කෑමයි. මෙහි ඇසින්දුටු සාක්ෂි කරුවන්ගේ නාමලේඛනයද ඉදිරිපත් කරන්නෙමි.

ඔහු ඊලගට පොලිස් දෙපාර්තමේන්තුවට කල අගතිය වූයේ පොලිස් පරීක්ෂක වරුන් 116 ක් උසස් කිරීමට තිබූ තරග විභාගයේදී එහි තිබූ සියළුම නීති රීති පසෙකලා ලකුණු 17 ගත් අයකු අතයට මුදල් ගෙන උසස් කිරීමයි. විභාගයට ඉදිපත් වූ නිළධාරීන් අධිකරණ යේ පිහිට පැතීම නිසා දෙපාර්තමේන්තුටට එකවර පොලිස් පරීක්ෂකවරුන් 463 දෙනෙකු පත්කිරීමට සිදුවිය. එය පුරප්පාඩු වලට වඩා 347 ක වැඩි වීමකි. එය අදටත් පොලිස් දෙපාර්තමේන්තුට ප්‍රශ්නයකි. ඒ සදහා ඉදිපත් කර ඇති ලේකනය සැසදීමේ දී  පැහැදිලි වනු ඇත.

චන්ද්‍රා  ස්ත්‍රී ලෝල් අයකු බව කියන්නේ සාක්ෂි සහිතවය. ඒ ඔහු පොලිස් උසස් අභ්‍යාස ආයතනයේ නිපොප ලෙස සිටින විට ඔහුගේ හොර අඹුවක් ලෙසට එවකට උප සේවා කාන්තා පොලිස් කොස්තාපල් 2431 සුනේත්‍රා සෙනවිරත්නව තබාගෙන සිටීමයි. ඇයව දින 10 කට ඉන්දීයාවට පුද්ගලික සංචාරයක් සදහාද ඔහු රැගෙන ගියේය. එය ඔහුගේ පුද්ගලික දෙයක් නිසා අපට කම්නැත. ඒත් ඔහු ඇයට විශේෂ උසස්වීමක් ලබාදීමට කටයුතු කිරීම පොලිස් දෙපාර්තමේන්‍තුවට ප්‍රශ්නයකි.  උසස් වීමට අදාල නිසි සුදුසු කම් නැති ඇයව ඔහු ඉතාමත් ඉහලින් අගය කොට උසස්වීමක් සදහා නිර්දේශ කර ඉදිරිපත් කිරීමයි. එහිදී ඔහු ඇයව පොලීසිය සතු අගනා වත්කමක් ලෙස (She is an asset) ලෙස හදුන්වා දී ඇත. ඔහු එම ලිපිය 1993-11-15 දින DIG/R&T/PHTI/ST/61/93 යටතේ ලියා ඇත. එම ලිපිය මගින් කරන ලද ඉල්ලීම එවකට පොලිස්පති තුමාගේ පුද්ගලික සහකාර ලෙස සිටි ජෙනිපොප මෙරික් ගුණරත්න මහතා විසින් 1996-10-21 දිනැති ලිපිය මගින් ඉටුකල නොහැකි බව හේතු සහිතව පෙන්වා දී ප්‍රතික්ෂේප කර ඇත.

 නමුත් මෙම කූඨ නිළධාරියා විසින් පසුව පොලිස්පති වූ කොඩිතුවක්කු මහතාව නොමග යවා සුදුසුකම් නොමැති ඇයව 2000-02-25 දින සිට 1993-11-24 පෙර දාතමින් උසස්වීම පමනක් නොව එම කාළය සදහා හිඟ වැටුපද ලබා දී ඇත.

1993 දී ඔහු පොලිස් උසස් අභ්‍යාස ආයතයට පැමිණෙන්නේ 1993 නැගෙනහිර පලාතේ පැවති පලාත් පාලන මැතිවරයේදී අපක්ෂපාතීව ක්‍රියා නොකර ජන්ද දූෂණ සිදුකල බවට නැගුන චෝදනාවෙන් පසුවය. 1994-11-16 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති ධූරයට පත්වූ පසුව නැගෙනහිර පලාතේ 1993 පලාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය නිළධාරින් විසින් සිදුකල අක්‍රමිකතා සෙවීමට පත්කල ජනාධිපති කොමිසන් සභාව මගින් අපූරු නිර්දේශයක් ඉදිරිපත් කර තිබුනි. එනම් මැතිවරණය පැවති දින නැගෙනහිර පලාත භාරව සිටි නිපොප චන්ද්‍රසිරි ප්‍රනාන්දු නොහොත් චන්ද්‍රා ප්‍රනාන්දුගේ සහ එවකට මඩකලපුව මූලාස්ථාන පොලිස් පරීක්ෂක ව සිටි ප්‍රපොප ජයශාන්ත යන දෙදෙනාගේ ප්‍රජා අයිතිය වසර 7 කට අහෝසි කරන ලෙසයි. නමුත් පම්පෝරි චන්ද්‍රිකා ජනාධිපතිනිය චන්‍ද්‍රා ප්‍රනාන්දු විසින් රුපියල් කෝටි 3 වටිනා දියමන්‍ති මාලයක් දී මිළදී ගෙන ප්‍රජා අයිතිය අහෝසි කිරීම වෙනුවට පොලිස්පති ධූරයෙන් පුදනු ලැබීය. රටේ නායිකාව තමා විසින් පත්කල ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට සැලකුවේ එලෙසිනි.

1999 වසරේ පැවති ජනාධිපතිවරණය මොහොතේ රනිල් වික්‍රමසිංහ ගේ මාධ්‍යය ඒකකයේ තිරේ පිටුපස නියමුවා එවකට නිපොපව සිටි චන්ද්‍රා ප්‍රනාන්දුය.එම ජනාධිපතිවරණයේදි චන්ද්‍රිකාගේ සහයට සරත් අමුණුගම විජේපාල මෙන්ඩිස් ඇතුළු එජාප පලමු පෙල නායකයක් ඉදිරිපත් වූ විට එයට එරෙහිව ” කුණු කුණු ගොඩට ” ලෙස ලංකාව පුරා ඇලවූ පෝස්ටරයේ නිර්මාතෘ වරයාද චන්ද්‍රා ප්‍රනාන්දු ය. චන්ද්‍රිකාගේ ධූර කාළය අවසන් වීමට පෙරම පොලිස්පති චන්‍ද්‍රා ප්‍රනාන්දු ඊලග ජනාධිපති වීමට පෙරුම් පුරමින් සිටි මහින්ද රාජපක්ෂට රහසින් එකතු විය. ඒ මහින්දගේ පූර්ණ අනුදැනුම මත 2005-07-12 සිදුවූ මෙරට සිටි කීර්තිමත් දේශපාලඥ්නයාවු ලක්ෂ්මන් කදිර් ගාමර් ගාතනයට උදව් කිරීමත් අදාල මිණීමැරුම එල්ටීටීඊ ගිණුමට බැරකර සියළු පරීක්ෂණ නොමග යැවීමත් පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ  මෙහෙය වීමෙන් සිදුවිය. ( ඒ පිළිබදව දීර්ඝ ලිපියකින් කරුණු ඉදිරියේදී  බලා පොරොත්තු වන්න)

 මහින්ද රාජපක්ෂ පොලිස්පතිට තාමට කරන ලද උපකාරයට කෘතගුණ සැලකීම වස් 2005 වසරේ අවසන් කාලයේ ප්‍රංශයේ පැවැති සාම සාකච්ඡා සදහා සුදුසුකම් ඇති රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සිටියදී ප්‍රජා අයිතියත් අහිමි කලයුතු බවට නිර්දේශ වූ පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුව යවන ලදි. එතෙකින් නොනැවතුණ මහින්ද රාජපක්ෂ 2006-10-11 දින විශ්‍රාම ගිය චන්ද්‍රා ප්‍රනාන්දු ව ඊට පසු දින සිට ඔහුගේ ජේෂ්ඨ උපදේශකයකු ලෙස සියළු වරප්‍රසාද දී පත්කරන ලදි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසුව රටේ අධිකරණයට අභියෝග කිරීම සදහා පත්කරන ලද ලොවම ප්‍රසිද්ධ උපාලි අබේරත්න නොහොත් පිස්සු පූසා කොමිසමේ සාමාජිකයෙක් ලෙස පත්කරන ලදි. එම කොමිසමේ නිර්දේශ සියල්ල අභියාචනාධිකරණ විසින් අළුයම ලූ කෙළපිඩක් සේ ඉවතලන ලදි. ඉන් නොනැවතුණ ගෝඨාභය රාජපක්ෂ විසින් පොලීසියේ සිටියදී පොලීසිය ගනිකා වෘර්තියේ යෙදවූ මිණී මැරුමකට අනුබල දුන් චන්ද්‍රසිරි ප්‍රනාන්දු නොහොත් චන්ද්‍රා ප්‍රනාන්දුව ස්වාධීන ජාතික පොලිස් කොමිසමේ සභාපති ලෙසට පත් කරන ලදි. චන්ද්‍රසිරි ප්‍රනාන්දු නොහොත් චන්ද්‍රා ප්‍රනාන්දු යනු සුදු සර්ට් ඇද ටයි පටියක් එල්ලාගෙන සිටින චරිතයක් නොව තනිකරම කළු චරිතයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *