ඇමරිකාවේ දී කුසල් විනය තකා එංගලන්ත සිරි යහනේ

කාන්තාව  – කොහොමද ඔයාලට ?

කුසල් මෙන්ඩිස් – ආතල් එකේ ඉන්නව..(සිනහ වෙමින්)

කාන්තාව – ඔයාල ඇමරිකාවේ ඇවිදිනවද ?

කුසල් මෙන්ඩිස් – මේ දැනුත් ශොපින් කරල ආවේ.

කාන්තාව – ඇයි ප්‍රැක්ටිස් නැද්ද ?

කුසල් මෙන්ඩිස් – තියෙනව. මම කට් එකක් දැම්ම. (හිනාවෙයි)

කාන්තාව – ඉතින් අවුලක් නැද්ද ? (පුදුමවන හඩකි)

කුසල් මෙන්ඩිස් – කට්ටිය, රූම් වලට එන්නේ වටේ ගිහින් පාන්දර 1,2 වෙලා.. ඒත් අවුලක් නම් නෑ.. (හිනා වෙයි)

කාන්තාව – මැච් වලට අවුලක් නැද්ද අනේ..

කුසල් මෙන්ඩිස් – එහෙම එකක් නෑ…

කාන්තාව – ඉතින් කියන්නකෝ…

කුසල් මෙන්ඩිස් – අපි ඊළඟට එංගලන්තෙ එනව.. දන්නව නේද ?

කාන්තාව – ටෙස්ට් මැච් වගයක් නේද ? එතකොට ඔයාට පුලුවන්ද මාව හම්බවෙන්න එන්න..

කුසල් මෙන්ඩිස් – මොකද බැරි.. අපි මැච් වලට සති දෙකකට විතර කලින් ඔහේ එනව.. එතකොට හම්බවෙමු…

කාන්තාව – ඔයාව කන්ටැක් කරගන්නේ කොහොමද ?

කුසල් මෙන්ඩිස් – මම ඉන්ස්ට ඉන්නවනේ.. මේ වගේ ගන්න..

කාන්තාව – මගේ යාලුව නම් චාමිකට පිස්සු වැටිලා හිටියේ..

කුසල් මෙන්ඩිස් – ඌ ක්‍රිකට් ගහන්න දන් නෑ..

මේ කුසල් මෙන්ඩිස් එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික සුරූපී තරුණියක් සමග සිදුවූ දුරකතන සංවාදයක කොටසකි.. මෙය ඉන්ටග්‍රෑම් ඔස්සේ පසුගියදා සිදු වූවකි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කරන විට ජංගම දුරකථන භාවිතය හා රැදී සිටින හෝටලයෙන් පිටවන විට කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලන්ගොඩ දැනුවත් කර අවසර ලබා ගත යුතුය.. ඒ මුදලට තරග පාවාදීම් සදහා බුකීකරුවන් ක්‍රීඩකයන් පොලබවා ගැනීමට ඇති ඉඩ ඇහිරීමට පමණක්ම නොව ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙනි.

එලෙස වගකීමක් නැති කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලන්ගොඩ, තමන්ගේ මෝටර් රථය පවා ලබාදීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දී ධනුෂ්ක ගුණතිලක සිරබත් කෑවා පමණක් නොව රටම අපකීර්තියට පත් කළ සිදුවීමක් පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි අවසානයට පෙර ඇමරිකාවේදීත් සිදුවීමට බොහෝ ඉඩ ඇත. එහෙම උනේ නැත්නම් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එංගලන්තයේ ආවහම වෙන්න පුලුවන්…

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වගකීමක් නැතිවූ අයෙක් වූ පසු ක්‍රීඩකයන් මේ මට්ටමින් හෝ සිටීම ගැන සතුටු විය යුතුයි. වැටත් නියරත් ගොයම් කෑම කියල අතීතයේ කිව්වේ මෙන්න මේවට..

හසිත අකලංක දෙයාලගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *