රාජසභා මණ්ඩපය කඩා දැමිමට  දඩුවම් විදින කුරුණෑගල හිටපු නගරාධිපති  ඇතුලු පිරිසගේ අභියාචනය අහන්න අලුත් විනිසුරුවරයෙක්

පුරා විද්‍යා වටිනාකමකින් යුත් කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා දැමිමේ චෝදනාවට වසර තුනක බරපතල වැඩ සහිතව සිර දඩුවම් විදින කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජිව ඇතුලු නාගරික කොමසාරිස්, ඉංජිනේරුවරයා ,බැකෝ යන්ත්‍රයේ රියදුරු  හා නගර සභාවෙි සේවකයින් පස්දෙනාට ලබා දි ඇති සිරදඩුවම අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරනයේ ගොනු කර තිබු නඩුව විභාගකිරිමට පත්කර සිටි අභියාචනාධිකරණයේ සභාපති බන්දුල කරුණාරත්න මහතා ඉවත්වී ඒ වෙනුවට ඔහුගේ හොදම ගොලයා වන සමපත් බංඩාර අබේකොන් මහතාව පත් කර ඇති බව වාර්තාවෙි.

  සම්පත් බණ්ඩාර අබේකෝන් මහතා වසර ගණනාවකට පෙර කුරුණෑගල මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළේය.

ඔහු දැනට අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරයි.  ඔහු ඉතා ප්‍රසිද්ධ මාවතගම ප්‍රදේශයේදී ජෝන්ස්ටන්ගේ මැරකණ්ඩායමක් බෝම්බ සහිතව අත්අඩංගුවට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇපදීම සම්බන්ධවයි.

එවකට අගවිනිසුරුවරයා සිටි සරත් එන් සිල්වා මහතා මොහුව මහේස්ත්‍රාත්  ධුරයෙන් අත්හිටවා පසුව දේශපාලන බලය නැවතත් සේවය පිහිටුවාගෙන ඇත.

මොහු සුදුසුකම් නොමැති අයෙකු බවත් මහේස්ත්‍රාත් ධූරය පවා ලබා ගෙන ඇත්තේ හිටපු ජනාධිපති ඩී බී  විජේතුංග මහතාගේ උදව්වෙන් බව වාර්ථාවෙි.

මෙම මහේස්ත්‍රාත්වරයාගේ පියා ඩී බී විජයතුංගගේ ළඟම හිතවතකු බව පැවසේ.

මෙයට පෙර අභියාචනාධිකරණයේ නගරාධිපතිගේ නඩුව වෙනුවෙන් පෙනී සිටි බන්දුල කරුණාරත්න මහතා ඉවත්වීමෙන් පසු ඔහුගේ සුහද හිතවතකු වන සම්පත් දී අබේකෝන් මහතා පත්කර ඇත. දැන් බන්දුල අබේරත්න මහතා කවුද යන්න රටම දන්නා බැවින් වෙනත් විකල්ප යොදාගෙන මෙවැනි ක්‍රියාදාමයන් සිදුකරන බව රටට රහසක් නොවේ.

මෙම නඩුව සදහා කෝටි පහක ගනුදෙනුවක් වන අතර ඉන්  කෝටි තුනක් ගෙවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි

අදාල පුරුවිද්‍යා වටිනාකමකින් යුතු මණ්ඩපය කඩා දැමිමට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමෙින්තුව විසින් මහධිකරනයේ ගොනු කළ නඩුවෙිදි 2023 දෙසරමිබර් 17 දින වරද පිළි ගැනිම හේතුවෙන් ඔවුන්ට වසර තුනක බරපතල සිර දඩුවම් හා රුපියල් එක්කෝටි තිස් අට ලක්ෂයට මුදලක් ගෙවන ලෙසට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *