දුෂණ චෝදනා එල්ල වු ධිවර සංස්ථාවෙි සභාපති ධුරයෙන් ඩී වී උපුල් ඉවත් කරයි

ධීවර සංස්ථාවේ සභාපති ලෙස කටයතු කළ රාජය ආමාත්‍ය ඩී වී චානකගේ පියා වන හිටපු දකුණු පළාත් අමාත්‍ය ඩී වී උපුල් එම දුරයෙන් ඉවත් කර ඇත‍.

ඒ වෙනුවට ධිවර සංස්ථාවෙි කලමණාකාර  අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ තුෂාර ලොකු කුමාර මහතා අමාත්‍ය ඩග්ලස් දේවානනදා මහතා විසින් පත් කර තිබෙි.

ඩී වී උපුල්  ධීවර සංස්ථාවේ සභාපති ධූරය තමන්ගේ මාළු ව්‍යාපාරය කරගෙන යෑම සඳහා තනතුර අවභාවිත කරන ආකාරය සඳහන් කරමින් සංස්ථාවේ සේවකයෝ ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් මගින් කරුණු දක්වා තිබේ.සේවකයන් පෙන්වා දෙන ආකාරයට සභාපතිවරයා රාජ්‍ය ආයතන මූල්‍ය හෝ පරිපාලන රෙගුලාසි මෙන්ම ප්‍රසම්පාදන නියමයන්ද තුට්ටුවකට සැලකිල්ලට නොගෙන කටයුතු කර ඇත. සුදුසුකම් නොමැති ,දූෂිත නිලධාරීන්ගේ සහය ඒ සඳහා ඔහුට මනා පිටිවහලක් වීය .

2009 මැයි මස 06 දින කැබිනට් තීරණයකට අනුව සියලුම රජයේ රෝහල්වල නේවාසික රෝගීන් සඳහා කෙලවල්ලන් සහ තලපත් මාළු සැපයීම ධීවර සංස්ථාවට පවරා දෙනු ලැබ තිබිණ.රෝගීන් සඳහා මාළු සැපයීමේ දී අල්ලා ගත් වහාම මුහුදේ දීම අධිශීත කර තිබිය යුතු බවට කොන්දේසියක් තිබේ.ඊට හේතුව රෝගීන්ට සපයන මාළුවල සෞඛ්‍ය ආරක්‍ෂිත බව සහතික කිරීමය.එහෙත් එම සභාපතිවරයා පත්වූ පසු කොමිස් ලබා ගැනීමේ අරමුණෙන් අල්ලා ගොඩ බිමට ගෙන ආ පසු අධි ශීත කරන ලද මාළු පවා මිලදී ගැනීමට කටයුතු කර ඇත.

එසේම ඔහු සභාපතිධූරයට පත් වූ 2023 අප්‍රේල් 06 දාම  සංස්ථාවේ  මාළු මිල දී ගැනීමේ මිල කමිටුව අහෝසි කරන්නට පියවර ගනු ලැබීය.පසුව සේවක විරෝධය නිසා 2023 වසරේ අගෝස්තු මාසයේ මැද භාගයේ සිට මිල කමිටුව පිහිටුවීමට සිදු වූ නමුත් මිල කමිටුව අහෝසි කල වකවානුවේ මාළු මිල තීරණය කරනු ලැබුවේ සභාපතිවරයාගේ තනි අභිමතයටය.

තමන් විසින් නියම කරන මිලට තමන් විසින්ම සංස්ථාවට මාළු විකුණා ඒ සඳහා ගෙවීම් තමන් විසින්ම අනුමත කිරීම කොතරම් දුරට සදාචාර සම්පන්නද කොතරම් දුරට රාජ්‍ය ප්‍රසම්පාදන රෙගුලාසිවලට අනුකූලදැයි සංස්ථා සේවකයෝ ප්‍රශ්න කරති.

මේ අතර රෝගීන්ගේ පෝෂණ අවශ්‍යතාව මත රෝහල සඳහා කෙලවල්ලන් සහ තලපත් මාළු සැපයිය යුතු වුවත් සභාපතිවරයා වෙනත් මාළු ව්‍යාපාරිකයෙකුගේ නමින් රෝහල් සඳහා ලින්නා මාළු සැපයීමට පටන් ගත්තේය.හිටපු සභාපති ඩී.වී.උපුල් ප්‍රසිද්ධව සිටින්නේ ලින්නා මාළු මුදලාලි කෙනෙකු වශයෙනි.

ආරක්ෂක අංශ විසින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා ධීවර බෝට්ටුවල තිබෙන මාළු තොග ලබා දෙන්නේ ධීවර සංස්ථාවටය.සංස්ථාව  විසින් එම මාළු  තොග ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම සාමාන්‍ය ක්‍රමවේදයයි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ 06 දින එලෙස  අත්ඩංගුවට ගත් යාත්‍රාවක් තිබූ ලින්නා මාළු කිලෝග්රෑම් 12,000 ක් ප්‍රමාණයක් තම බලතල අයතා ලෙස භාවිතා කරමින් තමන්ම ලබා ගෙන  ඒවා විකුණා සංස්ථාවට ලක්ෂ 50 ක පමණ පාඩුවක් සිදු කර තිබෙන බව සේවකයන් විසින් ජනාධිපතිවරයා වෙත යැවු ලිපියේ දැක්වේ.

රුපියල් මිලියන 450 ක පමණ වටිනාකමකින් යුත් සංස්ථාවේ අබලි ද්‍රව්‍ය සහ යකඩ විකිණීම සඳහා හොර තක්සේරු වාර්තා සකස්කර තිබෙන බව සේවකයෝ සිය ලිපිය මගින් අනාවරණ කර තිබේ.

2 Comments

  1. යකෝ හොරෙක් නම් දාපිය හිරේ. අතගගා ඉන්නේ පකටද,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *