විරයා මෙන් හඩ නැගු සීඅයිඩි පරික්ෂණ හර්ෂ අකුලා ගත්තේ මුදල් නිසාද

ගුවන් තොටුපලේදී ඔන්ලයින් විසා ඉන්දිය සමාගමකට ලබා දිමේ සිද්ධිය මුදල් කාරක සභාවෙි දී ප්‍රශ්න කිරිමෙිදී ආන්ඩු පක්ෂයෙන් තමන්ට බලපෑම් හා තර්ජන එල්ල වු බව පැවැසු එම කාරක සභාවෙි සභාපති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වාට එල්ලවි ඇති තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට සි අයි ඩීයට ලබා දිමෙන් පසුව තමන්ට එවැනි තර්ජන නොමැති බව පැවසීමෙන් එම ගනුදෙනුවේ තරම පැහැදිලි වන බව එම පක්ෂයේම මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු පැවසීය.
තමන්ට ඇති තර්ජන හමුවේ මහ මග මරා දැමුව හොත් එහි වගකිම එම ගනුදෙනුවට සම්බන්ධ අය බාර ගත යුතු බව සදහන් කළද තමන් ඒ බව සදහන් කලේ පාර්ලිමෙින්තු වරප්‍රසාදවලට මුවාවී බව මන්ත්‍රිවරයාම පසුව ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් තමන්ට එල්ලවී ඇති තර්ජනද නොතකා මන්ත්‍රිවරයා මේ යටපත් කිරිමට සැරසෙන්නේ මුදල් බලයටද යන්න ගැටලුවකි.
එසේ නොමැතිව පරික්ෂණ භාර දුන් සී අයි ඩීය භාර අමාතයංශයට එම සිදුවීම අයත් නිසා හොරාගේ අම්මගෙන් පේන අහන වැඩක් නිසාද යන්න දන්නේ මනත්‍රිවරයා පමනි.
කෙසේ වෙතත් අප පසුගියදා එම ගුදෙනුව සමිබන්දයෙන් හෙළි කළ පුවතද පෙන්වමින් පාර්ලිමේන්තුව දෙවනත් කලේ තමන් මෙම සිද්ධිවලට සම්බන්ධ නොමැති බව හැගවිමට බව එම පක්ෂයේ මන්ත්‍රිවරුන්ම පවසයි
විදේශකයින්ට ගුවන් තොටුපලේදී විසා ලබා දිමේ මෙතෙක් තිබු ක්‍රමය වෙනස් කර පුද්ගලික ආයතනයකට ලබා දිමේදී ඇති වු ආනාදෝළනයත් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට නිතිය හා සාමය අමාත්‍යංශයේ නිළධාරින් කැදවා සේප් න්‍යාය භාවිතා කර ප්‍රශ්ණය යටගැසිමට එම කාරක සභාවෙි සභාපතිවරයා කටයුතු කර ඇති බව එසේ වාර්ථා කළේය.
මෙතෙක් කාලක් ටෙලිකොම් ආයතනය මගින් ඩොලර් එකක මිලකට ලබා දුන් තාක්ෂණික සහය සමග ආගමනවිගමණ දෙපාර්තමෙින්තුව හරහා ඩොලර් 50ක මුදලකට මෙම විසා නිකුත්කිරිම සිදු කළ අතර පසුගිය මැයි 01 දින සිට සමාගමකට පැවරිනි.
කෙසේ වෙතත් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට ආණ්ඩුකරවරයෙකුගේ පුතෙකු විසින් මෙම කොන්ත්‍රාත්තුව රැගෙන විත් ඇති බව අප මිට පෙර වාර්ථා කළේය.ආදාළ පුත්‍රයා සේවන විට රජයේ ආයතනයක සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන අතර අතරයට ගණුදෙනු හේතුවෙන් එය පමාවී තිබෙි.
පසුව ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණයට මුදල් එකතු කරන ඔහුට සමිපතයෙකු ද මේ සදහා සමිබන්ධකර ගෙන යලිත් ව්‍යපෘතිය කඩිනමින් අවසන් කර මේතෙක් පැවැති විසා ගාස්තුවද ඩොලර් 50 සිට 101 දක්වා ඉහළ දමා තිබෙි.
ගුවන් තොටුපලට පැමිණෙන සංචාරකයින්ට තමන් කැමති භාෂාවකින් ආදාළ විසා ලබා ගැනිමෙිදි එම පහසුකම් යටතේ පහසුකම් සැපයිමට ටෙලිකොම් ආයතනයද සිය පහසුකම් සංවර්ධනය කර ඒ බව ආගමන විගමණ පාලකවරයාට ලිඛිතව දැණුම් දී තිබියදී විසා ලබා දිමෙි සේවය කිසිදු සුදුසුකමක් නොමැති ආයතනයකට ලබාදී තිබෙි.
ලොකයේ රටවල් සදහා විසා ලබාදිමට අවශ්‍ය ලිපිලේඛන එක්රැස්කර සපයන නියෝජිත ආයතනයක් ලෙස කටයුතු කරන වී එච් එෆ් නැමති ආයතනයට ආදාළ කොන්ත්‍රාත්තුව ලබා දෙන බව පවසා ඉන්දියාවෙි ව්‍යාපාරිකයෙක් වන බංධාරි නැමති අයට අයත් ඩුබායි හි පිහිටුවා ඇති වී එචි හා යන සමාගම් දෙකට ලබාදී ඇත.‍
එහෙත් වී එච් එෆ් නැමති ආයතනය කිසිදු රටක විසා ලබාදිමේ කාර්යට සමිබන්ධ නොවන අතර මෙම සමාගමිද කර ඇත්තේ එම ආයතනයෙන් අවශ්‍ය තාක්ෂණය ලබා ගැනිම පමණි.‍
ඊට අමතරව ඉහත කරුනු සමිබන්ධයෙන් දැනුවත් කමක් නොමැති රටකරවන වාහෙලාගෙන් වැඩිකළ නව ගාස්තුව යටතේ ඩොලර් 7.5 මුදල පාර්ශව පහකට බෙදි යාම ගැන නොදනිම ගැන පුදුම විය යුතු නැත.
මේ අතර මෙම සිදිධිය සමිබන්ධයෙන් සොයා බැලිමට පසුගිය මැයි 22 දින නිතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයා , ආගමන වගමන පාලකවරයා ඇතුඵ නිළධාරින් කැදවා තිබියදී අවසාන මොහොතේ එම නිලධාරින් නොපැමිණෙන බවට පැවසිමත් සමග කාරක ෂබාවෙි සභාපතිවරයා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් මොරදුන්නේ නැවත එම නිලදාරින් කැදවා දඩුකදේ ගසන බව පවසමිනි.
කෙසේ වෙතත් අවසානයේ කාලය ගෙවමින් ආදාළ බළධාරින් කැගසන අයව වන්දනා කිරිමට එම කොන්ත්‍රාත්තුව ගත් බන්දිය සමාගමේ නිළදාරින් යොමුකළ අතර ඒ සදහා සමාගමේ නියොජිතයින් දෙදෙනා ඔවුන්ව හමුවිමෙන් පසු එතෙක් දැමු ශබිද නිහඩකරන්නට තරමි ලබාදුන් සන්තොශමි බලවත් වු බව වාර්ථාවෙි.
අවසානයේ අමාත්‍යංශයේ ගනුදෙනුවට හිතවත් නිලධාරින් කිහිප දෙනෙකු පසුගිය 4 වෙනිදා පමණක් කැදවා හොර රහසේම සිද්ධිය සමිබන්දයෙන් යටහත් පහත්ව ප්‍රශ්ණකර සිදිධිය ගොඩ දමා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *