පොලිස් සාමුහිකයට නොයන ලෙසට රවීට හා ශානිට සජබෙන් බලපෑම්

ජාතික ජනබලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකය ගොඩනැංවිම වහාම නතර කරන ලෙසට පසුගිය 07 දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාගේ නිවසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙනෙකු ගොස් බලපෑම් සිදු කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි   මාර්ග සදහන් කරයි.

පක්ෂයේ ඉහළ නිළයක් හොබවන මන්ත්‍රිවරයෙක් හා කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරයෙක් මෙසේ එහි ගොස්  ඇති අතර පසුව ඊට පසු දින කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ  ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ  නිවසට ගොස් තිබෙි.

මිට අමතරව එම විශ්‍රාමික පොලිස්  සාමුහිකයේ මොනරාගල දිස්ත්‍රික් සංවිධායක ප්‍රධාන පොලිස් පරික්ෂක විජේසුන්දර මහතායද දුරකථනයෙන් තර්ජනය කර ඇත්තේ ඊට සම්බන්ධ නොවන ලෙසටයි.

පසුව ඔහු ඒ සම්බන්ධයෙන් මොනරාගල පොලසියට සිදු කළ පැමිණිල්ලදී හෙළිවී ඇත්තේ එසේ දුරකථනයෙන් කථා කොට ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ සියබලාන්ඩුව එකකයේ උප  පොලිස් පරික්ෂකවරයෙක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *