නායක වනිදුට පාවාදීමේ චෝදනා ICC පරීක්ෂණ

පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේදීම ශ්‍රී ලංකා නායක වනිදු හසරංග මුදලට තරග පාවාදීම් සිදුකර ඇත්දැයි සොයා බැලිය යුතු බව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හා වත්මන් ක්‍රිකට් විස්තර විචාරක අම්බති රයිදු පවසනවා.

ඇමරිකාවේ නොදන්නා තණතීරුවක කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට නායක වනිදු හසරංග තීරණය කිරීම පුදුම විය යුතු බවයි මෙහිදී ඔහු පෙන්වා දුන්නේ. මෙම තීරණයෙන්ම ශ්‍රී ලංකාව පරාජයට පත්ව අවසන් වූ බවත් ඔහු කියා සිටියා.

ශ්‍රී ලංකා නායකයාට මෙලෙස කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට උපදෙස් ලබාදුන් කෙනෙක් සිටී නම් ඔහු අනිවාර්යයෙන් මුදලට තරග පාවාදීම් සදහා බුකීකරුවන්ගේ අවශ්‍යතාව ඉටු කරන්නක් බව සදහන්වේ. ඔට්ටු දැමීමේදී ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගතහොත් පළමුව පන්දු යවනු ඇතැයි වැඩි දෙනෙක් ඔට්ටු අල්ලා තිබුණු බව වාර්තා වනවා. එහෙත් වනිදු බුකීකරුවන් පෝසත් කරන තීරණය ලබා ගත්තා ද යන්න සැක සහිති බව කියවේ.

පන්දු යැවීමේ බල ඇණිය ඉතා ශක්තිමත් මොහොතක කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීම සිදු වනවා. එවිට ප්‍රතිවාදී කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගෙන එය හඹා ගොස් ජයග්‍රහණය කරනවා. ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අතර ඉදිරියෙන්ම සිටින නිසා මෙය සිදු කිරීමෙන් මෙරට පිතිකරුවන්ට ජයග්‍රහණය පහසු වනවා. පළමුව පන්දුවට පහරදුන් විට ඉලක්කයක් නොමැතිවීම හේතුවෙන් මනංකල්පිත ඉල්ලක්ක හඹා යාමේදී කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම සාමාන්‍යයි. අනෙක් ප්‍රධාන කරුණ වන්නේ තණතීරුව හැසිරෙන ආකාරය නොදැන පළමුව පිතිකරණය තෝරා ගන්නේ නැහැ. එහෙත් මේ සියල්ලට පිටින් ශ්‍රී ලංකා නායක වනිදු හසරංග කටයුතු කිරිම පුදුම සහගතය.

වනිදුගේ හැසීරීම තරගය පුරාම ස්වභාවික නොවූ බව මේ වන විට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විවිධ අයුරින් පෙන්වා දී තිබෙනවා.

අම්බති රයිදු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිදු හසරංගට මුදලට පාවාදීම් චෝදනා එල්ල කරනු ලැබුවේ ඉන්දීය රූපවාහිනී නාලිකාවකට අදහස් පළ කරමිනුයි.

මුදලට තරග පාවාදීම් සදහා දඩුවම් ලැබූ සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස මෙම තරගාවලියට එක්ව සිටීම තුලින් බුකීකරුවන්ගේ මැදිහත්වීමේ සැකය වැඩි කර තිබෙනවා. මේ අනුව මෙම සිදුවීම් පිළිබඳ ඉදිරි දිනවලදී ICC දූෂණ මර්ධන ඒකකය පරීක්ෂණ පවත්වනු ඇතැයි වාර්තා වනවා.

මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 77ක් ලබා ගත්තා. දකුණු අප්‍රිකාව පන්දු 22ක් ඉතිරිව තිබියදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 80ක් ලබා ගනිමින් තරගය ඉතා පහසුවෙන් ජය ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *