මොදි දිනන තෙක් රනිල් මැතිවරණ කාර්යාලය විවෘත කරන්න බලා ඉදලා

ජනාධිපතිවරණය මුලින් පවත්වන බවට අවස්ථා කිහිපයකදී පවසා තිබුණද ජාධිපතිවරණයට තමා ඉදිරිපත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධියේ පවසා නැතත් පසුගියදා කොළඹ විවෘත කළ මැතිවරණ කාර්යාලයට වික්‍රමසිංහ මහතා පැමිණ ඇත්තේ ඉන්දිය අගමැති නරේන්ද්‍ර මොදි මහතාගේ ජයග්‍රහණයෙන් පසුව බව වාර්ථාවෙි.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබෙිවර්ධන මහතා හා ජනාධිපති කාර්ය්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ මුලිකත්වයෙන් එම මැතිවරණ කාර්යාලය විවෘත කිරිමට ආදාළ මුලික කටයුතු කර තිබුණද අවසන් අවස්ථාව වන තෙක් විවෘත කිරිමේ උත්සවයට ජණාධිපතිවරයා පැමිණෙන බවට තහවුරු කර නැත. ඉන්දියාවේ මැතිවරණ ප්‍රතිපළ නිකුත් කිරිමෙන් පසුව කාර්යාලය විවෘත කිරිමේ උත්සවයට පැමිණ ඇත.

මිට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් සංසාගේ මුලිකත්වයෙන් රාජගිරියේ විවෘත කළ කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවටද ඒ මහතා පැමින නැත.

එළෙබෙන ජනාධිපතිවරණයට උතුරු පළාතේ ජන්ද ගැන රනිල් වික්‍රමසිංහ මහතා දැඩි විශ්වාශයක් තබා ගෙන සිටින අතර එම ජන්ද ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ සහයෙන් ලබා ගැනිමට සැලසුම් කර ඇති බව වාර්තාවෙි.

කෙසේ වෙතත් මෙවර තමිල් නාඩුවේ බලය රාහුල් ගාන්දි ප්‍රමුඛ ඉන්දිය සංධානයට හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *