කොටි 26 වැය කර ඉදිකළ මහනුවර සමිමන්ත්‍රණශාලාවෙි ආදායම ලක්ෂ 2යි

 මහනුවර මහ නගර සභාවේ ජනතා බදු මුදල් රුපියල් කෝටි 26 ක් වැයකර වැයකර අලුතෙන් ඉදිකරන ලද කරළිය නැමති සුපිරි සම්මන්ත්‍රණ ශාලාවෙන් ලබාගෙන ඇති ඉහළම ආදායම රුපියල්  ලක්ෂ දෙකක් පමණක් බව නගර සභාවේ සේවකයන් පවසති.

සම්පූර්ණයෙන්ම සුදු අලියෙක් වූ කලින් ඊ එල් සේනානායක පුස්තකාල ශ්‍රවණාගාර ශාලාව ගිනිගෙන විනාශ වීමෙන් පසු නගරයේ වෙසෙන නගර සභාවට බදු ගෙවන ජනතාවගෙන් උපයාගත් බදු මුදල් වැයකර වත්මන් කරළිය නැමති සුපිරි සම්මන්ත්‍රණ ශාලාව ඉදිකර තිබෙි.

මේ දිනවල එම කරළිය  ශාලාව  පාළුවට ගොස් තිබේ.පරිපාලනයේ දුර්වලතාවය නිසා නගර සභාවට මෙමගින් ආදායම් ලබාගත නොහැකි වී ඇති බව නගර සභාවේ කාර්ය මණ්ඩලය පවසයි.මෙය ඉදිකිිකිරීමේදී කොන්ත්‍රාත් කරු හරහා ඇතැම් නිලධාරින්ට අතයට සන්තෝෂම් ලැබී ඇති බවද තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මහනුවර මහනගර සභාවේ දුර්වල සහ අකාර්යක්ෂම  පරිපාලනය නිසා අද වන විට රුපියල් කෝටි 26 ක් වැයකර තැනූ නගරය මැද තිබෙන මෙම සම්මන්ත්‍රණ ශාලාව පරෙවියන් සහ වවුලන් ලගින ඔවුන්ගේ නිජබිමක් බවට පතිව ඇත.

මෙම සම්මන්ත්‍රණ ශාලාවේ පහසුකම්  නොමැති කම නිසා  බොහෝ උත්සව සංගීත සංදර්ශණ  හා මහා පරිමාණ වැඩසටහන්  මහනුවර ධර්මරාජ විදුහල්  ශාලාව,පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරය මහනුවර කච්චෙිරියේ ශ්‍රවණාගාරය වෙත ඇදි යයි.

2 Comments

  1. කොමිස් මුදල ඔතන කෝටි දහයක් විතර ඇති.
    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන වැඩි කරන්න බැරි අධ්‍යාපනයට ප්‍රතිපාදන වැඩි කරන්න බැරි රටක අද තත්ත්වය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *