ලැජ්ජයි මුදල් කාරක සභාවෙි උතුමන්ලා වී එච් එෆ් ගොඩ දැමු හැටි

විදේශකයින්ට ගුවන්  තොටුපලේදී විසා ලබා දිමේ මෙතෙක්  තිබු ක්‍රමය වෙනස් කර පුද්ගලික ආයතනයකට ලබා දිමේදී ඇති වු ආනාදෝළනයත් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට නිතිය හා සාමය අමාත්‍යංශයේ නිළධාරින් කැදවා සේප්  න්‍යාය භාවිතා කර ප්‍රශ්ණය යටගැසිමට එම කාරක සභාවෙි සභාපතිවරයා කටයුතු කර ඇති බව වාර්ථාවෙි.

මෙතෙක් කාලක් ටෙලිකොම් ආයතනය මගින් ඩොලර් එකක මිලකට ලබා දුන් තාක්ෂණික සහය සමග ආගමනවිගමණ දෙපාර්තමෙින්තුව හරහා ඩොලර් 50ක මුදලකට මෙම විසා නිකුත්කිරිම සිදු කළ අතර පසුගිය මැයි 01 දින සිට  සමාගමකට පැවරිනි.

කෙසේ වෙතත් පසුගිය වසරේ  නොවැම්බර් මාසයේ සිට ආණ්ඩුකරවරයෙකුගේ පුතෙකු විසින් මෙම කොන්ත්‍රාත්තුව රැගෙන විත් ඇති බව අප මිට පෙර වාර්ථා කළේය.ආදාළ පුත්‍රයා සේවන විට රජයේ ආයතනයක සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන අතර  අතරයට ගණුදෙනු හේතුවෙන් එය පමාවී තිබෙි.

පසුව ජනාධිපතිවරයාට ජනාධිපතිවරනයට මුදල් එකතු කරන ඔහුට සමිපතයෙකු ද මේ සදහා සමිබන්ධකර ගෙන යලිත් ව්‍යපෘතිය කඩිනමින් අවසන් කර මේතෙක් පැවැති විසා ගාස්තුවද ඩොලර් 50 සිට 101 දක්වා ඉහළ දමා තිබෙි.

ගුවන් තොටුපලට පැමිණෙන සංචාරකයින්ට තමන් කැමති භාෂාවකින් ආදාළ විසා ලබා ගැනිමෙිදි එම පහසුකම් යටතේ පහසුකම් සැපයිමට ටෙලිකොම් ආයතනයද සිය පහසුකම් සංවර්ධනය කර ඒ බව ආගමන විගමණ පාලකවරයාට ලිඛිතව දැණුම් දී තිබියදී විසා ලබා දිමෙි සේවය කිසිදු සුදුසුකමක් නොමැති ආයතනයකට ලබාදී තිබෙි.

ලොකයේ රටවල් සදහා විසා ලබාදිමට අවශ්‍ය ලිපිලේඛන එක්රැස්කර සපයන නියෝජිත ආයතනයක් ලෙස කටයුතු කරන වී එච් එෆ් නැමති ආයතනයට ආදාළ කොන්ත්‍රාත්තුව ලබා දෙන බව පවසා ඉන්දියාවෙි ව්‍යාපාරිකයෙක් වන බංධාරි නැමිති අයට අයත් ඩුබායි හි පිහිටුවා ඇති වී එචි   හා  යන සමාගම් දෙකට ලබාදී ඇත.‍

එහෙත් වී එච් එෆ්  නැමති ආයතනය කිසිදු රටක විසා ලබාදිමේ  කාර්යට සමිබන්ධ නොවන අතර මෙම සමාගමිද කර ඇත්තේ එම ආයතනයෙන් අවශ්‍ය තාක්ෂණය ලබා ගැනිම පමණි.‍

ඊට අමතරව ඉහත කරුනු සමිබන්ධයෙන් දැනුවත් කමක් නොමැති රටකරවන වාහෙලාගෙන් වැඩිකළ නව ගාස්තුව යටතේ ඩොලර් 7.5 මුදල පාර්ශව පහකට බෙදි යාම ගැන නොදනිම ගැන පුදුම විය යුතු නැත.

මේ අතර මෙම සිදිධිය සමිබන්ධයෙන් සොයා බැලිමට පසුගිය මැයි 22 දින නිතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයා , ආගමන වගමන පාලකවරයා ඇතුඵ නිළධාරින් කැදවා තිබියදී අවසාන මොහොතේ එම නිලධාරින් නොපැමිණෙන බවට පැවසිමත් සමග කාරක ෂබාවෙි සභාපතිවරයා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් මොරදුන්නේ නැවත එම නිලදාරින් කැදවා දඩුකදේ ගසන බව පවසමිනි.

කෙසේ වෙතත් අවසානයේ කාලය ගෙවමින් ආදාළ බළධාරින් කැගසන අයව වන්දනා කිරිමට එම කොන්ත්‍රාත්තුව ගත් බන්දිය සමාගමේ නිළදාරින් යොමුකළ අතර ඒ සදහා සමාගමේ නියොජිතයින් දෙදෙනා ඔවුන්ව හමුවිමෙන් පසු එතෙක් දැමු ශබිද නිහඩකරන්නට තරමි ලබාදුන් සන්තොශමි බලවත් වු බව වාර්ථාවෙි.

අවසානයේ අමාත්‍යංශයේ ගනුදෙනුවට හිතවත් නිලධාරින් කිහිප දෙනෙකු  පසුගිය අගහරුවදා (4) පමණක් කැදවා හොර රහසේම සිද්ධිය සමිබන්දයෙන් යටහත් පහත්ව ප්‍රශ්ණකර සිදිධිය ගොඩ දමා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *