සජබ කාගෙද ?බෙදන සල්ලි කාගෙද?කවුද මේ සෆ්නා සෙනවිරත්න ?

අප කවුරුත් කියන්නේ සජබ යනු සජිත් පේමදාසට අයත් දේශපාලන පක්ෂයක් බවයි. ඒත් තිරයේ පිටුපස කතාව ඊට වෙනස්.
2010 ඔක්තෝබර් 8 හෝ ඊට ආසන්න දිනක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාව වසර දෙකක සිරදඩුවමකට යටත් කොට සිර ගත කරණු ලබයි. ඒ වන විට ෆොන්සේකාගේ ලේකම්ව සිටි සේනක සිල්වාද රිමාන් බන්ධනාගාර ගතව සිටියාය. ඔවුන් දෙදෙනා වෙන වෙනම සිර කර සිටිටත් පවුලේ අය හරහා පනිවිඩ හුවමාරු කරමින් සිටියාය. ෆොන්සේකා නිදහස් වීමට පෙර සේනක සිල්වා ඇපමත නිදහස් වී එලියට පැමිණි නිසා අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවන ලෙස ෆොන්සේකාගෙන් සේනකට ලැබුන උපදෙස් මත සේනක බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි තම බිරිඳවන ඩයනා ගමගේ සමග අලුත් පක්ෂයක් පිහිටුවන ලදි. සේනක රිමාන්ඩ් භාරයේ සිටින කාලේ ඩයනාගේ පෙම්වතා වූයේ කරුණාඅම්මාන්‍ ය.
එම සම්භන්දය කොතරම්ද යත් 2010 වසරේ පැවති යුධහමුදා නිළධාරීන්ගේ රාත්‍රිය වෙනුවෙන් එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ නියෝග සහ උපදෙස් පිට යුධහමුදාවෙන් පිට අයට සහභාගී විය නොහැකි එම යුධහමුදා නිළධාරීන්ගේ රාත්‍රිය වෙනුවෙන් කරුණා අම්මාන් සහ ඔහුගේ පෙම්වතිය ඩයනා ගමගේ සහභාගී විය. ඒ සම්භන්දය හරහා ඩයනාගේ නීත්‍යානුකූල ස්වාමියා වූ සේනකට ඇප ලබා ගැනීමටත් ඒ හරහා ඔහුව රාජපක්ෂලාට ඇවැසි පුද්ගලයකු කර ගැනීමටත් හැකිවිය. ෆොන්සේකා නිදහස්ව පැමිණෙන විට ෆොන්සේකා ගේ උපදෙස් මත සේනක සිල්වා පිහිටවූ දේශපාලන පක්ෂය අනියම් ලෙස රාජපක්ෂලාට නතුවී තිබූ නිසා ෆොන්සේකා පන්දම ලාංචනයට ගෙන නව පක්ෂයක් පිහිට වන ලදි.

කාළය ගෙවී යද්දී 2019 ජනාධිපති වරණයෙන් පසුව එජාපයේ නායකත්වය පිළිබද ආරවුල ඇතිවී සජිත් රනිල්ට එරෙහිව වෙනමම පක්ෂයකින් 2020 මහ මැතිවරණයට ඉදිපත් වීමට තීරණය කරන ලදි. එහිදී සජිත්ගේ සහයට මුලින්ම ඉදිපත්වූයේ රනිල් විරෝධියකු වූ එජාපයේ සිට ඉවත්වූ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න යි. ඔහු කියා සිටියේ තාමගේ නමින් ලියාපදිංචි කර ඇති කෙසෙල් ඇවරිය ලාංචනයෙන් ඇති පක්ෂයෙන් චන්දයට ඉදිරිපත් වෙන ලෙසත් තම පක්ෂය කොන්දේසි විරහිතව ඒ ලබාදෙන බවත්ව. නමුත් ඒ වන විට රාජපක්ෂලාගේ සුහච කීකරු කුක්කෙක් බවට සජිත් පේමදාස පත්ව තිබූබව කරුවුත් දැන සිටියේ නැත. රාජපක්ෂලා විසින් සජිත් පේමදාසට ගෙනා යෝජනාව වූයේ තමන් විසින් ලක්ෂ 50 ක මුදලක් දී මිළදීගෙන ඇති සේනක සිල්වාට සහ ඩයනා ගමගේට අයත් පක්ෂයෙන් චන්දයට ඉදිපත් වන ලෙසත් එම පක්ෂයේ නම සජිත් ගෙ “ස” ජලනිගෙන් “ජ” ද ගෙන සජබ ( සමගි ජන බලවේගය ) නමන් වෙනස් කර මැතිවරණයට ඉදිරිපත් වන ලෙසයි. ඒ සදහා මුදල රාජපක්ෂ ආයෝජනය කරේ ලක්ෂ්මන් ෆොන්සේකා හරහාය. ඊට අමතරව තවත් අතුරු කොන්දේසි දෙකක් සජිත්ට ඉදිරිපත් කරන ලදි. එනම් පක්ෂයේ ජේෂ්ඨ උප නිළයක්ද ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රී ධූරයද ලබා දෙන ලෙසයි. ඒ අනුව සජබ ජේෂ්ඨ උප ලේකම් ධූරයත් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයත් ඩයනා ගමගේට හිමිවිය.

කවුද මේ ලක්ෂ්මන් ෆොන්සේකා

ජේආර් ජයවර්ධන ගේ හිතෛෂී ප්‍රබල ව්‍යාපාරිකුව සිටි ජෝෂප් ෆොන්සේකාගේ සහෝදරයාට භාර්‍යාවන් දෙදෙනෙකු විය. නීත්‍යානුකූල භාර්‍යාවගේ පුතා ටයර් හවුස් අධිපති සුනිල් ෆොන්සේකා වූ අතර අනියම් භාර්‍යාවගේ පුතා ලක්ෂ්මන් ෆොන්සේකාය. ඔහු තරුණ වියේදීම පියාගේ ආශිර්වාදය මත ව්‍යාපාර කටයුතු වල නිරතවිය. ආර් පේමදාස ජනාධිපති වූ පසුව සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සහයකයා ලෙස ඔහු තෝරාගන්නේ ලක්ෂ්මන් ෆොන්සේකාවය. ඒ අනුව කැන්ගරු කුලීරථ සේවාව ආර් පේමදාස තමාගේ මුදල් යොදවා එහි වැඩි කොටස් ප්‍රමාණයක් සජිත් ගේ නමට ලියාපදිංචි වනසේ ලක්ෂ්මන් ෆොන්සේකා ගේ නමින් ආරම්භ කරනලදි.
කාළය ගෙවෙද්දී මේ අතරට තවත් චරිත දෙකක් එක්විය. ඒ කොලොන්නාවේ පදිංචිව සිටි ජලනි සහ ඉංදීය ජාතික සෆ්නා යන කතුන් දෙදෙනාය. ජලනි ඔබරෝයි හෝටලයේ පිළිගැණීමේ නිළධාරිනිය ක් ලෙස සේවය කල අතර තරංග සෙනවිරත්න නැමති ලාංකික තරුණයකු සමග විවාහ වී ලිංසේ බර්නාඩ් වෙළද දැන්වීම් ආයතයේ සේවයේ යෙදී සිටියාය.


ජලනි ලක්ෂ්මන් ෆොන්සේකා ගේ ආදර වන්තිය වූ අතර පසුව ඇය සජිත් පේමදාස සමග විවාහ විය. 2019 ජනාධිපතිවරණය අවස්ථාවේ ජනාධිපතිවරණ අපේක්ෂක යකු වූ සජිත් පේමදාසගේ ප්‍රචාරක කටුයුතු සිදුකිරීමේ කොන්‍ත්‍රාත්තුව බාරගෙන තිබුනේ ලිංසේ බර්නාඩ් ආයතයටයි.
එහිදී සජිත් ගේ තිරේ පිටුපස වීරයා වන ලක්ෂ්මන් ෆොන්සේකාට සෆ්නා හමුවන අතර සජිත් ප්‍රේමදාසගේ සියළුම ටියුටර් පනිවිඩ සහ අනෙකුත් විශේෂ ලිපි ලේඛන සකස් කිරීම පුද්ගලිකවම පැවරුනේ සෆ්නාට ය. සෆ්නා රෝ සංවිධානයේ නියෝජිත වරියක් ලෙසද සමහර අවස්ථා වලදී ලක්ෂ්මන් ෆොන්සේකා විසින් හදුන්වාදී තිබේ.මේ කාළය තුලදී ලක්ෂ්මන් ෆොන්සේකා සහ සෆ්නා අතර අනියම් සම්බන්දයක් ඇරඹී තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස දරුවන් දෙදෙනෙකු ගේ මවක් වූ සෆ්නා ස්වාමියාවු තරංග ගෙන් වෙන්ව වාසය කිරීම අරඹන ලදි . එහිදී ඇගේ සහයට ලක්ෂ්මන් ෆොන්සේකා ඉදිරිපත් වූ අතර තරංග තම ජීවිතයට එල්ලවූ තර්ජන පිළිබදව ලක්ෂ්මන් ෆොන්සේකාට එරෙහිව කුරුදුවත්ත පොලීසියේ පැමිණිල්ලක්ද දමා තිබේ.
ලක්ෂ්මන් ෆොන්සේකාට අයත් වත්තල පිහිටි ALFT ඇසුරුම් ආයතය 2022 අගෝස්තු මස දී ඩොලර් මිලියන 5 ක් වියදම් කොට නවීකරණය කර නැවත ආරම්භ කිරීමේ කටයුත්තේ මූලිකව කටයුතු කරේ සෆ්නාය. සෆ්නාගේ ගේ සහ ලක්ෂ්මන් ෆොන්සේකා ගේ ක්‍රියාකාරකම් පිළිබදව සජිත් පේමදාසට පැමිණි ගියද ඔහු හෝ ජලනී ඒගැන නිහඩව සිටීමට මූලික හේතුව වූයේ කැන්ගරු කුළීරථ සේවාව හරහා සජිත්ට මුදල් දීමත් සජිත්ට බෙදීමට මුදල් දීමත් පක්ෂ යේ නිළනොලත් අයිතිකරු ඔහු වීමත්‍ ය.

සෆ්නා නිසා සජබ අභ්‍යන්තර මතවාදී ගැටුමක්ද ඇතිවිය. එය සිදුවූයේ මෑතදී ෂැංග්‍රිලා හෝටලයේ පැවති සජබ රැස්වීමකදී පක්ෂයේ ජේෂ්ඨයන් පසුපස ආසන්වල සිටියදී ලක්ෂ්මන් ෆොන්සේකා සමග සෆ්නා ඉදිරිපස පේලියේ අසුන්ගෙන සිටීමයි.
මේ කරුණු හොඳින් විමසා බැලීමේදී සෆනා යනු සජබ අභ්‍යන්තරයේ තවත් ගැටුමක ආරම්භය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *