මහින්දානන්ද හා ගුණතිලක මනාප චන්ද සටන ඇරඹෙයි.මහනුවරින් ඇරඹි ගැටුම කොළඹින් ගුටිබැට හුවමාරුවක් දක්වා දුරයයි

පොහොට්ටුවේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිම්න්තු මන්ත්‍රීවරු වන මහින්දානන්ද සහ ගුණතිලක රාජපක්ෂ යන දෙදෙනාගේ මනාප යුද්ධය ආරම්භවී ඇති අතර ගුණතිලක රාජපක්ෂ දැරූ යටිනුවර මැතිවරණ කොට්ඨාශයේ යටිනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරය මහින්දානන්ද අලුත්ගමගේ විසින් හීන් සීරූවේ හිමිකර ගැනීමත් සමගය ඊයේ දිනයේ ආණ්ඩුපක්ෂ රැස්විමේදී එය පුපරා ගියේය.

ඊයේ 03) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් මහින්ද රාජපක්ෂ මහතාත් ප්‍රමුඛව පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහරදී තිබෙනවා.

මහනුවර සංවර්ධන කමිටුව සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමත් සමඟ අදාළ ප්‍රහාරය එල්ලවී ඇති බව වාර්තා වේ.
පහරකෑමෙන් ඔහුගේ උකුල් ඇටයකට හානිවී ඇති බව වාර්ථාවෙි.පසුව ගිලන් රථයක් එම ස්ථානයට ගෙන්වාගෙන පහරකෑමට ලක්වූ ගුණතිලක රාජපක්ෂ මහතා කොළඹ යුද හමුදා රොහලට ඇතුළත් කර තිබෙි.

රාජපක්ෂ මන්ත්‍රිවරයා යටිනුවර හා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේද සභාපති වරයාය.ඒ තනතුර දරද්දීම ඔහු යටිනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධුරය දරමින් සිටියදී මහින්දානන්ද අළුත්ගමගේ මහතා යටින් ගේමක් දී යටිනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරය ලබාගෙන තිබේ.

මේ දෙදෙනාගේ පුටු තරඟය ඇවිලී පසුගිය 29 දින මහනුවර කච්චෙිරියේ පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රී වරයා ගෝරනාඩුකරමින් යකා නැටුවේ තමාගේ යටිනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරය මහින්දානන්ද අළුත්ගමගේ විසින් උදරාගත් බව කියමිනි.
මොවුන්ගේ ගැටුම නිසා යටිනුවර ආසනයේ සංවර්ධන වැඩ රැසකට වෙන්කල මුදල් ද නැතිවී එම සංවර්ධන සැලසුම්ද ඇණහිට තිබේ.තමන් තනියම කන්න බදාගෙන සිටි බත් පිඟන් දෙකෙන් එකක් අහිමිවීම නිසා ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රී වරයා පරල වී කච්චේරියේදී යකා නැටුවේ එම රැස්වීමට සහභාගි වූ රාජ්‍ය නිලධාරින් රැසක් ඉදිරිපිටදීය.
ගුණතිලක රාජපක්ෂ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරය දරමින් සිටියදී එම රැස්වීම් වලට ලොහාන් රත්වත්තේ,අනුරාධ ජයරත්න,මහින්දානන්ද අළුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වීමෙන් වැළකී සිටියහ.හාරිස්පත්තුව ආසනයත් එයට අමතරව යටිනුවර ආසනයත් බදාගෙන තනියම කෑමකට සුදානම්ව සිටි ගුණතිලක රාජපක්ෂට එකක් අහිමිවූයේ මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රී වරයා ආණ්ඩුවේ ප්‍රබලයෙකු හරහා යටිනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරය ලබාගැනීමත් සමගය.
ඔහු එම ධූරය ලබාගත් සැණින් ගුණතිලක රාජපක්ෂගේ යටිනුවර ආසනයේ සංවර්ධන සැලසුම් සියල්ල අහෝසි කළේය.මෙම සිදුවීම නිසා පොහොට්ටුවේ මහින්දානන්ද සහ ගුණතිලක රාජපක්ෂ යන දෙදෙනාගේ සීතල යුද්ධය ආරම්භ වී එය දැන් මනාප ඡන්ද යුද්ධයක් බවට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *