ආණ්ඩුවේ අලුත්ම සමික්ෂණය අනුව රනිල්ට සහය දෙන්න පොහොට්ටුවෙන් කොන්දේසියක්

ආණුඩුව විසින් සිදු කළ නවතම සමික්ෂණය අනුව ඉදිරි ජනාධිපතිවරණයට  රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වන්නේ නම්  ජනපදනමක් ඇති  සමගි ජනබල වෙිගයෙන් මන්ත්‍රිවරුන් දහයකට වඩා වැඩියෙන් ලබන ශ්‍රිලංකා පොදුජන පෙරමුනේ සම්මේලනයට ප්‍රථම ආණ්ඩුවට සමිබන්ධ කර ගතයුතු බවට පොහොට්ටුවේ ප්‍රභලයින් රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇතැයි වාර්ථාවෙි.

සිදු කරන ලද සමීක්ෂණය අනුවසමගි ජන බලවෙිගයට හා ජාතික ජන බලවේගයට සියට තිස්පහ බැගින්ද එක්සත් ජාතික පක්ෂයට සියට දොළහක්දක්,පොදුජන පෙරමුණට සියට නවයක් ලෙසින් ජන්ද පදනම බෙදි ගොස් ඇති බව සදහන්වේ.

එම තත්වය මත රනිල් වික්‍රම සිංහ මහතාගේ ජය ග්‍රහනයට සමිබන්ධ විමට නම් සමගි ජනබල වෙිගයේ සහය අවශ්‍ය බවට පොදුජන පෙරමුනේ මතය වී ඇති බව දේශපාලන ආරංච් මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *