පිස්සු ජීවන් බදින්න බැරි රනිල්

තාත්තා කළ දේ නොකරන පුතා ගැන ජනවහරේ එන කථාව සෑබෑ කරමින්  මේ දිනවල අලුත්ම සුපර්ස්ටා තරුව වී සිටින ජිවන් තොණ්ඩමාන් ඇමතිවරයා බැද දැමිමිට ජනාධිපති රනිල් වික්‍රමසිංහට නොහැකිවීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි කථා බහක් ඇතිවී තිබෙි.

පසුගියදා කැළණිවැලි තේ සමාගමට කඩාවැදි එහි පාලන අධිකාරියට කළ බලපෑමෙන් පෙනී යන්නේ නුවරඑළියේ ඇත්තේ තොන්ඩමන්ගේ නීතීයද යන්න නැගෙන ප්‍රශ්නයයි.

එම වැවැලි සමාගම තේ ඉවත් කර කෝපි වගාකිරිමට ගත් තිරණය විසදා ගත යුත්තේ වැවිලි විෂය භාර ඇමතිවරයා සමග වන අතර නීතීය තිබියදී  සිය බලය උපයොගී කර ගෙන ජන්ද ගොඩ වැඩි කරගැනිමේ රංගණයක ජිවන් අමතිවරයා නිරතවිය.

එහිදී පොලිසියේ බලය අතට ගෙන කටයුතු කරන ඇමතිවරයා මටිටු කිරිමට තරම් කොන්ද පණ ඇති පොලිසියේ නිළධාරින් නොසිටිමද කණලාටුවට කරුණකි.

ජීවන් ඇමතිවරයාගේ පියා වන ආරුමුගන් තොන්ඩමන් මහතාද වරක් බොරැල්ල පොලිසියේ හා කොටගල පොලිසියේ  යකා නටා ස්ථානාධිපතිවරුන්ගේ පුටුවේ වාඩිවී කටයුතු කල ආකාරයට එදා සිටි පාලකයින්ද ක්‍රියාමාර්ග නොගැනිම නිසා තාත්තා කළ දේ පුතාද එලෙසම සිදු කරන්නේ පැරන්නන්ගේ කියම සනාත කරමිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *