රනිල් ජනාධිපතිවරණයට එන්නේ ස්වාධිනව හංසයාගෙන්

ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්වෙන බවත් ඒ සදහා ස්වාධිනව තරග කරන නිසා අනෙකුත් පක්ෂවලින් සහයෝගය ලබා දෙන පිරිසට අරියාදු නොකරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය එක්සත්  ජාතික පක්ෂයේ ප්‍රධානින්ට පවසා තිබෙි.

එම  පක්ෂයේ ප්‍රධානින් ජනාධිපතිවරයා වෙන වෙනම කැදවා මෙිබව සදහන් කර ඇත.පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන , සභාපති රංගේ බංඩාර, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම්  ආදි ප්‍රධානින් කැදවා පවසා ඇත්තේ අනෙක් පක්ෂවල පිරිසගේ හිත රිදෙන ආකාරයට වචන හරබ නොකරන ලෙසයි.

ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත්තේ තමන්ට කාගෙවත් පක්ෂ හදන්න අවශ්‍ය නොවන බවත් ජයග්‍රහනයෙන් පසුව පක්ෂය ගොඩ නගන බව සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *