කුරුණෑගල   හා මහියංගනය වැඩබලන මහෙස්‍රාත් තනතුර  සජබයේ සංවිධායක නිතිඥවරුන්ට

මහෙස්‍රාත් අධිකරණ බොහොමයක වැඩබලන මහෙස්‍රාත්වරුන් ලෙස සමගි ජනබලවෙිගයේ ප්‍රධාන තනතුරු හොබවන නිතීඥවරුන් රැසක් කටයුතු කරන බවට තොරතුරු වාර්තාවෙි.

ඒ ආකාරයට කුරුණෑගල හා මහියංගනය මන මහෙස්‍රාත් අධිකරණවල  මහෙස්‍රාත්වරයා නිවාඩු දිනවල වැඩබලන මහෙස්‍රාත් තනතුර සදහා සමගි ජනබල වෙිගයේ දිස්ත්‍රික් කළමණාකාර තනතුර ලබා දී ඇති ජේෂ්ඨ නිතිඥවරයෙකුන්ට එම තනතුර ලබාදී ඇත.

කළක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සමාජිකයෙක් ලෙස කටයුතු කළ පීලීෂීයන් පෙරෙරා නැමති නිතිඥවරයා පසුව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සමගි ජනබල වේගයට එක්වී එහි කුරුණෑගල දිස්ත්‍රික් කළමණාකර දුරය ලබාදී ඇත.

මෙසේ වැඩබලන මහෙස්‍රාත් තනතුර ලබා දීඇති අතර එම තනතුර ලබා ගැනිමෙිදී  තමන්  දේශපාලන පක්ෂවල තනතුරු නොදරණ බවට හා පක්ෂපාති නොවන බවට දිවුරුම් ප්‍රකාශයක් ලබාදිය යුතුය.

මේ ආකාරයට මිනිපේ සමගි ජනබලවෙිගයේ සංවිධායක ලෙස කටයුතු කරන සනත් බංඩාර එකනායක යන නිතිඥවරයාද මහියංගනය මහෙස්‍රාත් අධිකරනවය් වැඩබලන මහෙස්‍රාත් ලෙස කටයුතු කරන බව වාර්තාවෙි.

මෙි ආකාරයට කොළඹ මහෙස්‍රාත් අධිකරණවලද වැඩබලන තනතුරුවල එවැනි නිතිඥයන් කිහිප දෙනෙකුම වැඩකරන බවට වාර්ථාවෙි.

එසේ තිබියදී එෆ් පෙරෙරා මහතා වැඩබලන මහෙස්‍රාත් ධුරයේ රාජකාරි ආවරණය කරණ අවස්ථාවක විරුද්ධ මතධාරි පුද්ගලයින්ගේ  නඩු කටයුත්තකදී සාධාරණය ඉටුවේද යන්න බව මහජනතාව ප්‍රශ්න කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *