මොඩිගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ලියවුනු  අයි එස් අයි එස් තිර නාටකය මෙවර ෆේල්

ඉන්දියාවෙිදී අත්ඩංගුවට ගත් ශ්‍රිලංකයින් හතර දෙනා අයි එස් අයි එස් ත්‍රස්තවාදින් බවට මහත් ප්‍රචාරයක් ලබා දුන්නද එය දෙරට ඉහළ පළේ ජන්ද ව්‍යාපාරය වෙනුවෙන් සිදු කරන ලද ව්‍යපෘතියක ප්‍රතිපලයක් බවට තොරතුරු වාර්ථාවෙි.

අයි එස් අයි එස් ත්‍රස්තවාදින් ලෙස හුවා දැක්වුවද රුපියල් ලක්ෂ හතරක් වැනි මුදලකට මරාගෙන මැරෙන ත්‍රස්වාදින් සොයා ගැනිම පුදුමය දනවන කරුණකි.

මරාගෙන මැරෙන ත්‍රස්වාදින් කිසි දිනක මුදලට මරාගෙන මැරෙන්න නොයන බව ආරක්ෂක අංශ  නොදන්නවා නොවෙි.

අයි එස් අයි එස් ත්‍රස්වාදින් ඉන්දියාවෙි ප්‍රහාරයකට ශ්‍රිලංකාවෙින් ආනයනය කල යුතු නැත. ඒ සදහා පුරුදු පුහුනුවු ත්‍රස්තයින් ඉන්දියාවට සමිප ඇෆ්ගනිස්තානයේ හා පකිස්තානයේ ඇති අතර ඔවුන්ට ඇත්තේ දේශසිමා පැනිම පමනි.

තිරරචනය මෙිවර අවුල් ගොස් ඇත්තේ ඉන්දියාවෙි මෙිදිනවල මැතිවරණය පැවැත්වෙන අතර ශ්‍රිලංකාවෙි මැතිවරණයක් ළග ළග පැමිණිමයි.

මෙම ත්‍රස්තවාදින් යැයි කියන සිව් දෙනා හසුවන්නේ අගමැති මෝදිගේ ප්‍රාන්තය වන ගුජරාටි ප්‍රාන්තයෙණි.

ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ භාරතිය ජනතා පක්ෂයේ ප්‍රභලයින්  තිදෙනක් බවට පරික්ෂණ පවත්වන පොලිසිය සදහන් කලේය.

මෙහි අනෙක් විහිලුව නම් මෙම ත්‍රස්තවාදින් සිවි දෙනාට ඉන්දියාවෙි ශ්‍රිලංකා මහකොමසාරිස් කාර්යාලය විසා ලබා දිමයි.

මෙම පුද්ගලයින්ගේ නම් පාස්කු කොම්ෂන් වාර්ථාවෙිද නම් සදහන් තිබු බවට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආචාර්ය්‍යවරයෙක් පැවසු අතර ඒ සම්බන්ධයෙන්  පරික්ෂණ පැවැත්වු අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තු නිළධාරින් හා ත්‍රස්ත විමර්ශන කොඨ්ඨාශයේ නිළදාරින්ට එම පුද්ගලයන්ගේ තොරතුරු නොලැබුනු බව පවසයි.

මෙසේ අඩංගුවට ගත් සිවි දෙනා ගෙන් දෙදෙනෙකුට මත්ද්‍රව්‍ය චෝදනා සමිබන්ධයෙන් නඩු පවතින අතර එසේ අත්ඩංගුවට ගත් සරත් අබේපිටිය විනිසුරුවරයාගේ ඝාතනට වරද කරුවු  ෆොටිට වවුෆස්ගේ දෙවන විවාහයේ දරුවෙකු වන මොහොමඩ් නවුෆර්  නියාස්  නෆ්රාස් ට කොළඹ මහෙස්‍රාත් අධිකරණයේ මත් කුඩු නඩු දෙකක් ඇත.

අනෙක් පුද්ගලයා වන මිගමුවේ මොහොමඩ් නුස්සාර්ට මහධිකරණයේ නඩු දෙකකට වරෙන්තු ලබා ඇති අතර එවැනි පුද්ගලයෙක් කටුණායක ගුවන් තොටුපලේ න් එළියට ගියේ කෙසේ යන්න ගැටලුවකි.

මෙම පුද්ගලයින් ත්‍රස්තවාදින් ලෙස කටයුතු කර ඇත් නම් ඒ බවක් හදුනා ගැනිමට නොහැකි විම ඇමති ටිරාන් අලස් හා  ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පොලිසියේ දුරුවල කමකි.

ඊට අමතරව අලස් ඇමතිවරයා ගුවන්තොටුපලේන් ඇතුල්වන හා පිටවන   අපරාධකරුවන් හදුනා ගැනිමට සවිකර ඇති පරිඝණක පද්ධතියට නොහැකිවුයේ කුමක් නිසාදයන්න ද ගැටලුවකි.

කෙසේ වෙතත් මොඩිගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ලියවුනු  අයි එස් අයි එස් තිර නාටකය මෙවර ෆේල් බව කිවයුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *